අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.1.3.7. සන්‌තුට්‌ඨි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

27. මහණෙනි, මේ කරුණුහු සතර දෙනෙක් අල්ප ද සුලභ ද වෙත්. ඔහු නිරවද්‍ය ද වෙත්. කවර සතර දෙනෙක යත්: මහණෙනි, පහුල සිවුරු අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, පිඬු සිඟා ලත් ආලොපය බොජුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. එ ද අනවද්‍යයි. මහණෙනි, රුක්මුල සෙනසුන් අතුරෙන් අල්ප ද සුලභ ද වෙයි. ද අනවද්‍යයි. මහණෙනි, පූතිමූත්‍රය භෛෂජ්‍යයන් අතුරෙන් අල්ප ද සුලභ ද වේ. එ ද අනවද්‍යයි. මහණෙනි, මේ කරුණුහු සතර දෙන අල්ප ද සුලභ ද වෙත්. ඔහු ද අනවද්‍යයහ ...

4.1.3.6. කුහක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

26. මහණෙනි, යම් ඒ භික්‍ෂු කෙනෙක් කුහක වූවාහු ක්‍රොධය හා මානයෙන් දැඩී වූවාහු තමන් හුවා බණන්නාහු කෙලෙස්සිඟු ඇත්තාහු ඔසොවා ගත් මානනළ ඇත්තාහු එකඟසිත් නොලද්දාහු වෙත් ද, මහණෙනි, මාගේ ඒ භික්‍ෂූහු මාමක නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මෙසස්නෙන් බැහැර ද වූහ. ඔහු මෙසස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට නො ද පැමිණෙත්. මහණෙනි, යම් ඒ භික‍්ෂු කෙනෙක් කුහක නොවූවාහු හුවා නොබණන්නාහු ධීර වූවාහු තද නොවූවාහු එකඟසිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, මා උදෙසා පැවිදි වූ ඒ භික්‍ෂූහු ...

4.1.3.5. බ්‍රහ්‌මචරිය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

25. මහණෙනි, මේ බ්‍රම්සර වනාහි ජනයා විස්මයපත් කරණු පිණිස, දනා නලවනු පිණිස, ලාභසත්කාරකීර්තති පිණිස, වාදප්‍රමොක්‍ෂය පිණිස, ජනයෝ මා මෙසේ හඳුනත්වා යන මේ පිණිස නො වැසෙයි. මහණෙනි, වැලිත් මේ බඹසර වනාහි සංවරය පිණිස, ක්ලේශප්‍රහාණය පිණිස, රාගාදීන්ගේ විරාගය පිණිස, රාගාදීන්ගේ නිරොධය පිණිස වැසේ. 62. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිහරහිත (මෙහි මේ මෙසේවීල යන පරප්‍රත්‍යය නැති) නිවන් තුළට පමුණුවන සුලු, බඹසර ක්ලේශයන්ගේ සංවරය පිණිස, ප්‍රහාණය පිණිස වදාළහ ...

4.1.3.4. කාළකාරාම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

24. (මා විසින් මෙසේ අසන ලදී:) එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේතයෙහි වූ කාළකාරාමයෙහි … මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම දනිමි. මහණෙනි, දෙවින් සහිත මරුන් සහිත බඹුන් ....

4.1.3.3. ලෝක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

23. මහණෙනි, ලොකය - දුඃඛසත්‍යය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ ලොකයෙන් - දුඃඛසත්‍යයෙන් විසංයුක්තයහ. මහණෙනි, ලොකසමුදය (තෘෂ්ණාව) තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ විසින් ලොකසමුදය ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් අවබොධ කරණ ලදී. ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. මහණෙනි, ලොකනිරොධගාමිනී ප්‍රතිපද් තථාගතයන් වහන්සේ විසින් අවබොධ ...