අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.1.4.2. සඞ්‌ගහවත්‍ථු සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

32. මහණෙනි, මේ සංග්‍රහ වස්තූහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: දානය, ප්‍රියවචනය, අර්‍තථචර්‍ය්‍යාය, සමානාත්මතා යි. මහණෙනි, මේ සතර සඞ්ග්‍රහ වස්තූහු යි. 73. මෙලොව යම් දානයෙක් වේ ද, යම් ප්‍රිය වචනයෙක් වේ ද, යම් අර්‍තථසංවර්‍ධනකථායෙක් වේ ද, ඒ ඒ ධර්‍මෙයහි යථාර්‍හවශයෙන් සුඛදුඃඛ විසින් සමානාත්මතායෙක් වේ ද, ලොකයෙහි සිටුනා තෙල සඞ්ග්‍රහයෝ ගමන්ගත් රථයාගේ අකුරග ගැසූ ඇණය වැනියහ. තෙල සංග්‍රහයෝ නො වෙත් නම්, මවු පුතු කාරණ කොට ගෙණ බුහුමන් හෝ පිදුම් හෝ නො ලබයි. පුතු කාරණ කොට ගෙණ ...

4.1.4.1. චක්‌ක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

31. මහණෙනි, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්නට චතුඃසම්පච්චක්‍ර රඳා පවත්නේ ද, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්හු මඳ කලෙකින් ම භොගයෙහි මහත්බවට විපුලබවට පැමිණෙත් ද, එබඳු වූ මේ සතර චක්‍ර කෙනෙකි. කවර සතර කෙනෙක යත්: ප්‍රතිරූපදෙශවාසය, සත්පුරුෂ භජනය, තමන් මොනොවට (ශ්‍රද්ධාදියෙහි) පිහිටුවා ගැන්ම ය, පෙර කළ පින් ඇති බව යි. මහණෙනි, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්නට චතුශ්චක්‍ර රඳා පවත්නේ ද, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්හු මඳ කලෙකින් ම භොගයෙහි මහත්බවට විපුලබවට ...

4.1.3.10. පරිබ්‌බාජක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

30. (මා විසින් මෙසේ අසන ලදී.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි ඉතා ප්‍රකට වූ බොහෝ පිරිවැජියෝ සප්පිනියා හෝතෙර පිරිවැජි අරම්හි වෙසෙති. ඔහු කවරහ: ‘‘අන්නභාර යැ, වරධර යැ, සකුලුදායී පිරිවැජි යැ, අන්‍ය වූත් ඉපහළ (ප්‍රකට) පිරිවැජියෝ”යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැගීසිටි සේක් සප්පිනියා හෝතෙර පිරිවැජි අරම් කරා වැඩි සේක. වැඩ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ පිරිවැජියන් බණවා තෙල ...

4.1.3.9. ධම්‌මපද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

29. මහණෙනි, මේ සතර ධර්‍මපද කෙනෙක් අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අසංකීර්‍ණයහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදහ. කවර සතර දෙනක යත්: මහණෙනි, අනභිද්‍යා ධර්‍මපදය අග්‍රය යි දත යුතුය ... මහණෙනි, අව්‍යාපාද ධර්‍මපදය අග්‍රය යි දතයුතුය ...

4.1.3.8. අරියවංස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

28. මහණෙනි, මේ සතර ආර්‍යවංශධර්‍ම කෙනෙක් අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පුරාණයහ යි දතයුත්තාහ. අවිකීර්‍ණයහ යි දතයුත්තාහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලද්දාහ. (දැනුදු) බැහැර නො කරණු ලැබෙත්. (අනායෙහි බුදුවරුන් විසිනුත්) බැහැර නො කරණු ලබන්නාහු වෙත්. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් අනින්දිතයහ. කවර ධර්‍ම සතර කෙනෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ...