අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.1.4.7. අපරිහානිය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

37. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ පරිහාණියට අභව්‍යය. නිවන් හමුයෙහි ම සිටුනේය. කවර සතර කරුණෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලසම්පන්න වෙයි, ඉන්‍ද්‍රියයෙහි පියූ දොර ඇතියේ වෙයි, භෝජනයෙහි පමණ දන්නේ වෙයි, නිදි වැරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ ශීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි, ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි ...

4.1.4.6. දොණ (ලොක) සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

බමුණ, මම යම් බඳු කාමාදි ආස්‍රවයන්ගේ අප්‍රහීණභාවය හේතු කොට ගෙණ දෙවි වෙම් නම් මාගේ ඒ ආස්‍රවයෝ ප්‍රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්න තාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්‍රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා දහම් ඇතියහ. බමුණ, මම යම්බඳු ආස්‍රව කෙනකුන්ගේ අප්‍රහීණභාවය හේතු කොට ගෙණ ගන්‍ධර්‍ව වෙම් නම් - යක්‍ෂ වෙම් නම් - මනුෂ්‍ය වෙම් නම් මාගේ ඒ ආස්‍රවයෝ ප්‍රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්නතාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්‍රාප්ත කරණ ලදහ. මතුයෙහි ...

4.1.4.5. වස්‌සකාර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

බමුණ, මෙලොව බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන්නෙක් වෙයි. ඔහු විසින් කල්‍යාණධර්‍මතා සඞ්ඛ්‍යාත, කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාව පිහිටුවන ලදු වෙයි. හේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය කෙරෙයි. කාමාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට නො කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය නො කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට කැමැති ... මෙසේ විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්ත වේ: ...

4.1.4.4. අග්‌ගප්‌පසාද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

34. මහණෙනි, මේ අග්‍රප්‍රසාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: … මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ … මහණෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය යි කියනු ලැබේ … මහණෙනි, හේතුයෙන් නිපන්නා වූ හෝ හේතුයෙන් නො නිපන්නා වූ හෝ යම් පමණ දහම්හු ඇත් ද, ඔවුනට නිවන අග්‍රය යි කියනු ලැබේ ... මහණෙනි, යම් පමණ සඟහු හෝ වෙත් ද, ගණහු හෝ වෙත් ද, තථාගතශ්‍රාවකසඞ්ඝ ඔවුනට අග්‍රය යි කියනු ලැබේ ...

4.1.4.3. සීහ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

මහණෙනි, එපරිදි ම යම් කලෙක අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලොකවිත් වූ අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූ දෙවි මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් අවබොධ කළා වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලොකයෙහි උපදනා සේක් ද, උන්වහන්සේ දහම් දෙසන සේක: සත්කාය මේ ය, සත්කායසමුදය මේ ය, සත්කායනිරොධය මේ ය, සත්කායනිරොධගාමිනී ප්‍රතිපත් මේ ය, කියා යි. මහණෙනි, දීර්‍ඝායුෂ්ක වූ ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ සුඛබහුල වූ උස් විමානයෙහි චිරස්ථායී ව සිටුනා වූ යම් දෙවි කෙනෙක් ඇත් ද, ඔහුත් තථාගතයන් ...