අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.1.5.2. පඤ්‌හබ්‍යාකරණ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 5. රෝහිතස්‌ස වර්ගය

මහණෙනි, මේ ප්‍රශ්නව්‍යාකරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, ඒකාන්තයෙන් විසඳියයුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, බෙදා විසඳිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, පිළිවිස විසඳිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, තබාලිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, මේ සතර ප්‍රශ්නව්‍යාකරණයෝ යි. එක් පැණෙක් ඒකාන්තවචන යි. අනෙක විභජ්‍යවචන යි. තෙවැන්න පුළුවුස්නේ ය. සිවුවැන්න තබන්නේය. යමෙක් ඒ ප්‍රශ්නයන් අතුරෙන් ඒ ඒ තැන අනුධර්‍මතා සඞ්ඛ්‍යාත විසඳීම දන්නේ ද, එබඳු මහණ සතර පැණ පිළිබඳව දක්‍ෂයෙකැයි ...

4.1.5.1. සමාධිභාවනා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 5. රෝහිතස්‌ස වර්ගය

මහණෙනි, මේ සමාධිභාවනාවෝ සතරදෙනෙකි. කවර සතර දෙනෙකයත්: මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නේ වෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දිව්‍යචක්‍ෂුර්ඥානදර්ශනප්‍රතිලාභය පිණිස පවත්නේ වෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්‍රඥානය පිණිස පවත්නේ වෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ආස්‍රවක්‍ෂය පිණිස පවත්නේ වෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද දුටුධැමි සුවවෙහෙර පිණිස ...

4.1.4.10. උදායී සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු නිරාරම්භ යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු නිරාරම්භ යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති ... දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි යමක් කරණ ලද ද, ඒ මොනොවට කළ පූජාවෙකි. මොනොවට කළ මඞ්ගලදානයෙකි. මොනොවට ලත් දැයෙකි. යාගත් විපුල වෙයි. දෙවියෝත් පහදිති ...

4.1.4.9. උජ්‌ජාය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ (සමාරම්භ) සහගත යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි ... අස්සමෙධය, පුරිසමෙධය, සම්මාපාසය, වාජපෙය්‍යය, නිරග්ගලය, යන ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහාරම්භ ඇති, මහායාගයෝ ඇත් ද, ඔහු මහත් ඵල නො වෙති ...

4.1.4.8. පතිලීන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 4. චක්‌ක වර්ගය

38. මහණෙනි, (සත්‍යදර්‍ශන නම් මේ යයි වෙන වෙන ගත්වන බැවින්) ප්‍රත්‍යෙක සඞ්ඛ්‍යාත දෘෂ්ටිසත්‍යයන් පහ කළ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා බවට ගියේය යි කියනු ලැබේ. මහණෙනි, කෙසේ නම් මහණ ප්‍රත්‍යෙක සත්‍යයන් හළේ වේ ද යත්: මහණෙනි, බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ වූ වෙන් වෙන් කොට ගත් සත්‍යයෝ ඇත. ඒ කෙසේය යත්: ලෝකය ශාස්වතය කියා ... මහණෙනි, කෙසේ නම් මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි ...