මහණෙනි, මේ සුවිදූර-විදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන අහස හා පොළොව හා යයි මේ පළමුවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සමුද්‍රයාගේ මෙතෙර හා එතෙර හා යයි මේ දෙවැන්න යි. මහණෙනි, යම් තැනෙක හිරු නැඟේ ද, යම් තැනෙක හිරු අස්තයට යේ ද, මේ තෙවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සත්පුරුෂධර්‍මය හා අසත්පුරුෂධර්‍මය හා යයි මේ සිවුවැන්නයි. මහණෙනි, මේ සතර සුවිදූර - විදූරස්ථානයෝ යි. අහස ද දුරෙහි වෙයි. පොළොව ද ...
එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය රොහිතස්ස දෙවුපුත් රැය බෙහෙවින් ඉකුත් කල්හි (- මධ්‍යම රාත්‍රියෙහි) විශිෂ්ට ඡවිවර්‍ණ ඇත්තේ මුළු දෙව්රම බබුලුවා මා වෙත පැමිණියේ ය. පැමිණ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. මහණෙනි, එකත්පස්ව සිටි රොහිතස්ස වෙවුපුත් මට තෙල සැළ කෙළේය: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ අන්තය දත යුතුය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය ...
ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ අන්තය දත යුතුය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම සංස්කාර ලොකයාගේ අන්තයට නො පැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්‍යාමමාත්‍ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද නිරොධසත්‍යය ද නිරොධගාමිනී ප්‍රතිපත්තිය ද පණවමි.
මහණෙනි, මේ අසද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: ක්‍රෝධයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ගුණ මැකීමෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ලාභයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. සත්කාරයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. මහණෙනි, මේ සතර අසද්ධර්‍මයෝය. මහණෙනි, මේ සද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ක්‍රෝධයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ...
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්: සද්ධර්‍මගරුක නොවන ක්‍රෝධගරුකය, සද්ධර්‍මගරුක නොවන මක්ඛගරුකය, සද්ධර්‍මගරුක නොවන ලාභගරුකය, සද්ධර්‍මගරුක නොවන සත්කාරගරුක යි. මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්: ක්‍රොධගරුක නොවන සද්ධර්‍මගරුකය, මක්ඛගරුක නොවන සද්ධර්‍මගරුකය, ලාභගරුක නොවන සද්ධර්‍මගරුකය, සත්කාරගරුක නොවන ...