අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

5. පරමට්‌ඨකසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » මහා නිද්දේස පාළි » පරමට්‌ඨකසූත්‍රනිර්දේශය

ලොවැ යම් සත්ත්‍වයෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැයි ගෙන තමන් තමන් ගේ දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයකින් තමා ගේ ශාස්තෘ ආදිය උතුමැයි කියා ද, එයින් අන්‍ය වූ සියල්ල හීන යැයි කියා ද, එහෙයින් හෙතෙම දෘෂ්ටිවිවාදයන් නො ඉක්මැ වූයේ වේ. පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො - දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණ බමුණුකෙනෙක් වෙති, ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැ අග්‍ර යැ ශ්‍රෙෂ්ඨ යැ විශිෂ්ට යැ ප්‍රධාන යැ උත්තම යැ ...

4. සුද්‌ධට්‌ඨකසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » මහා නිද්දේස පාළි » සුද්‌ධට්‌ඨකසූත්‍රනිර්දේශය

දෘෂ්ඨිගතික බාල තෙමේ කෙලෙස්කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරොග වූවකු දැක ශුද්ධ වූ උත්තම නිර්ව්‍යාධියට පැමිණ සිටියක්හු දකිමි යැයි ද, ඒ දෘෂ්ටිසඞ්ඛ්‍යාත දර්ශනයෙන් මිනිසාගේ සංශුද්ධිය වේ යයි ද, මෙසේ වෙසෙසින් දන්නේ ඒ දර්ශනය පරම යයි සලකා ඒ දර්ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ ඒ දර්ශනය මාර්ගඥාන යයි හදහයි. (එතෙකුදු වුවත් එය මාර්ගඥානය නොවේ.) පස්සාමි සුද්ධං පරමං අරොගං - 'පස්සාමි සුද්ධං' යනු: ශුද්ධ වූවකු බලමි, ශුද්ධ වූවකු දක්මි, අවලොකන කෙරෙමි ...

4.1.5.10. උපක්‌කිලෙස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 5. රෝහිතස්‌ස වර්ගය

මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ මේ උපක්ලේශයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, වලාකුළ සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලෙශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, හිම සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලෙශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, ධූම-රජස් සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලෙශය ...

4.1.5.9. විපල්‌ලාස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 5. රෝහිතස්‌ස වර්ගය

මහණෙනි, සංඥාවිපර්‍යාසයෝ චිත්තවිපර්‍යාසයෝ දෘෂ්ටිවිපර්‍යාසයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ නිත්‍ය ය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ සුඛය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ ආත්මය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, අශුභයෙහි, ‘මේ ශුභය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි ...

4.1.5.8. විසාඛ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 5. රෝහිතස්‌ස වර්ගය

එක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරුන්හට තෙල වදාළ සේක: ‘‘මැනව, මැනව, විසාඛයෙනි, විසාඛයෙනි, මැනව. තෙපි පිරිපුන් බස් ඇති, ගලාබස්නා වදන් ඇති, කෙළතොළු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වා බණව, සමාදන් කරව, තෙද ගන්වා බණව, පහදවා ලවයි වදාළහ. බාලයන් හා මිශ්‍ර වාස ඇති, දැහැමි බස් නො බණන, පණ්ඩිතයා (පණ්ඩිතයෝ) නොදනිත්, නිර්‍වාණපදය (නවවිධලෝකොත්තරධර්‍මය) දෙසන ...