අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.1.3.2. ද්විතිය උරුවෙල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

22. මහණෙනි, මම එක් කලෙක උරුවෙලා දනව්වෙහි නෙරඤ්ජරා හෝතෙර අජපාලන්‍යග්‍රොධමූලයෙහි සම්‍යක්සම්බුද්ධ ව පළමු ම වෙසෙමි. මහණෙනි එකල ජරාජීර්‍ණ වූ වයොවෘද්ධ වූ දෑමහලු වූ තුන් විය ඉක්ම වූ පැසිම්විය ට පැමිණි බොහෝ බමුණෝ (හුහුඞ්කජාතික බමුණු සමග) මා කරා එළඹියහ. එළඹ මා සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. මහණෙනි, එකත්පසෙක හුන් ඒ බමුණෝ මට තෙල වචන කීහ: භවත් ගෞතමයෙනි, ‘‘මහණ ගොයුම්හු ජරාජීර්‍ණ, වයොවෘද්ධ, දෑමහලු, ...

4.1.3.1. ප්‍රථම උරුවෙල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 3. උරුවෙල වර්ගය

මහණෙනි, මම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නෙරඤ්ජරා හෝතෙර අජපාල නම් න්‍යග්‍රොධමූලයෙහි සම්‍යක් සම්බුද්ධ ව පළමු ම වෙසෙමි. මහණෙනි, රහොගත වූ එකත් අරමුණෙහි ඇලුනු මට මෙබඳු වූ චිත්තපරිවතර්‍කයෙක් උපන: අනෙකකු කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ දුකසේ වෙසෙයි. මම කිනම් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් දෝයී. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී. මම නො පිරිපුන් ශීලස්කන්‍ධයාගේ පිරිපුන්බව පිණිස අන් මහණකු ...

4.1.2.10. භත්‌තුද්‌දෙසක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 2. චර වර්ගය

20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වෙෂයෙන් අගතියට යෙයි. මොහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත භත්තුද්දෙසක මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම්සේ ගෙනවුත් බහා තැබූයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය ...

4.1.2.9. අගතිනාගති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 2. චර වර්ගය

19. මහණෙනි, මේ සතර අගතිගමන කරුණු ය. කවර සතර කරුණුය යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වෙෂයෙන් අගතියට යෙයි. මොහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි. මහණෙනි මේ අගතිගමන වන සතර කරුණු යි. මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වෙෂයෙන් අගතියට නො යෙයි. මොහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි. මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි. 43. ඡන්‍දයෙනුදු ද්වෙෂයෙනුදු භයෙනුදු මොහයෙනුදු ...

4.1.2.8. නාගති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 2. චර වර්ගය

18. මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වෙෂයෙන් අගතියට නො යෙයි. මොහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි. මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි. 42. ඡන්‍දයෙනුදු ද්වෙෂයෙනුදු භයෙනුදු මොහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද, ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.