ගැහැවියෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ප්‍රතිලාභයට හේතු වූ ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමීචිපටිපදාවට පිළිපන්නේ වෙයි. කවර සතර කරුණෙකින යත්: ගැහැවියෙනි, මෙලොව ආර්‍ය්‍යශ්‍රාවකයෙක් සිවුරෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. පිඬුවායෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. සෙනසුනින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. ගැහැවියෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ගෙණ දෙන ස්වර්‍ගය පිණිස පවත්නා ...
මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට සතර කරුණක් දෙයි ... ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මේ සතර කරුණු දෙයි. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය, වර්‍ණය, සුඛය, බලය යි සතර කරුණු දෙයි ... ඒ මිනිස් යම් යම් තැනක උපදනේ ද, එ හැම තැන දීර්‍ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.
ගැහැවිය, බොජුන් දෙන අරීසවු පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්: ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. ගැහැවියෙනි, බොජුන් දෙන අරීසවු පිළිගාවනට මේ සතර කරුණු දෙයි. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය වර්‍ණය සුඛය බලය යි සතර කරුණු දෙයි. ආයුදායක බලදායක සුඛදායක වර්‍ණදායක ඒ මිනිස් යම් යම් ...
සුප්පවාසාවෙනි, බොජුන් දෙන අරීසැවි ප්‍රතිග්‍රාහකයනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්: ආයුෂ දේ, වර්‍ණය දේ, සුඛය දේ, බලය දේ, ආදන් දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ වර්‍ණයට හිමි වෙයි. සුඛදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ සුඛයට හිමි වෙයි. බලදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. සුප්පවාසාවෙනි, බොජුන් දෙන අරීසැවි ප්‍රතිග්‍රාහකයනට මේ සතර කරුණු දෙයි. යම් අරිසැවියක් පවිත්‍ර ප්‍රණීත රසයෙන් යුත් බොජුන් මොනොවට සකස් කොට දේද ...
මහණෙනි, ඉදින් අඹුසැමිහු දෙදෙනා මෙලොව්හිත් පරලොව්හිත් උනුන් දක්නට කැමති වන්නාහු නම් දෙදෙන ම සම සැදැහැ සමසිල් සමත්‍යාග සමප්‍රඥා ඇතිවන්නාහුය. ඔහු දෙදෙන මෙලොව්හි ද පරලොව්හි ද උනුන් දක්නාහ. දෙමහල්ලෝ ම සැදැහැතිව, දන්කලු ව, ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු ...