අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.2.1.5. පඨම (නකුල) සමජීවී සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (6) 1. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මට තුරුණුවියෙහි සිටි නකුලමාතු ගැහැවිදූ පරිනීත වූ ද, එතැන් සිට නකුලමාතු ගැහැවිදුව සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හිදු උනුන් දක්නට පරලොව් හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි. නකුලමාතු ගැහැවිදූ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා: වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මම තරුණවියෙහි සිටි නකුලපිතු ගැහැවිහට ගෙණෙන ලදුම් ද, නකුලපිතු ගැහැවියා සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! ...

4.2.1.4. දුතිය සංවාස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (6) 1. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, මේ සංවාසයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ලමු වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි. දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි. දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි. දෙදෙන ම සැදැහැති ව, දන්කලු ව ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්. සමසිල් ඇති, ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව ...

4.2.1.3. පඨම සංවාස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (6) 1. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

ගැහැවියෙනි, මේ සතර සහවාස කෙනෙකි. කවර සතර කෙනෙක යත්: (ගුණ නැතියෙන්) ලමු වූයේ (ගුණ නැතියෙන්) ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ (ගුණ සැපතින්) දෙවු දුවක හා සමග වෙසෙයි. (ගුණ සැපතින්) දෙවි වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. දෙවි වුයේ දෙවුදුවක හා සමග වෙසෙයි ... දෙදෙන ම සැදැහැති ව දන්කලු ව ශීල සංයම ඇති ව දහම් හි සිට දිවි වටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධිහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි, අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටු සිත් ඇති වෙත් ...

4.2.1.2. දුතිය පුඤ්‌ඤාභිසන්‌ද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (6) 1. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩනා පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතර පුණ්‍යප්‍රවාහ කෙනෙකි. කුශලප්‍රවාහ කෙනෙකි. කවර සතර කෙනෙක යත්: මහණෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඒ භගවත්හු මේ කරුණෙනුදු අර්හත්හ ... තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ධර්‍මයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි ... තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් ...

4.2.1.1. ප්‍රථම පුඤ්‌ඤාභිසන්‌ද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (6) 1. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, සුව එළවන, මොනොවට අග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ (කුශලොප්පත්තීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳනා මහණෙක් අර්හත්‍වඵලසමාධියට සමවැද වෙසේ ද ... මහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳන මහණෙක් අර්හත්ත්‍වඵල සමාධියට එළඹ වෙසේද ... සෙනසුන් වළඳ කරණ මහණෙක් ...