අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.2.2.5. රූප (ප්පමාණ) සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (7) 2. පත්‌තකම්‌ම වර්ගය

මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්: රූපය ප්‍රමාණ කොට ඇති රූපප්‍රසන්නය, ගුණඝෝෂය ප්‍රමාණ කොට ඇති ඝෝෂප්‍රසන්නය, රූක්‍ෂප්‍රතිපත්ති ප්‍රමාණ කොට ඇති රූක්‍ෂප්‍රසන්නය, ධර්‍මය ප්‍රමාණ කොට ඇති ධර්‍මප්‍රසන්න යි. මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ. යම් කෙනෙක් රූපයෙන් මැනගත්හු ද, යම් කෙනෙකුත් ඝොෂප්‍රමාණයෙන් (පැහැදීම් විසින්) අනුගතවූහු ද, ඡන්‍දරාගවසයට වැටුනාහු, ඔහු ඒ අරී ජනයා නො හඳුනත්. ආධ්‍යාත්මිකගුණය ද නො දනියි. බැහැරි පිළිවෙත් ...

4.2.2.4. නිරය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (7) 2. පත්‌තකම්‌ම වර්ගය

මහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් යම් සේ ද, එපරිදි නිරයෙහි නික්‍ෂිප්තය. කවර සතර කරුණෙන යත්: පණිවා ඇත්තේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා ඇතියේ වෙයි. මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. ප්‍රාණවධය, අදත්තාදානය, මෘෂාවාදය හා පරදාර ගමනය දැයි සතර කරුණෙක් කියනු ලැබේ. පඬිහු ඒ නොපසසත්.

4.2.2.3. සබ්‍රහ්‌ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (7) 2. පත්‌තකම්‌ම වර්ගය

මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්‍රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහිදී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාදේවතා සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්‍ය සහිතයහ. මහණෙනි, මවුපියනට ‘බ්‍රහ්ම’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්‍වාචාර්‍ය’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්‍වදෙව’ යන ...

4.2.2.2. අනණ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (7) 2. පත්‌තකම්‌ම වර්ගය

ගෘහපතිය, කාමභෝගී ගිහීන් විසින් කලින් කල හේතුවිසින් ලැබිය යුතු මේ සුඛයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: අස්තිසුඛය, භොගසුඛය, අනණසුඛය, අනවද්‍ය සුඛ යි. ගැහැවිය, අස්තිසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයකුට උත්‍ථාන වීර්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ දැහැමින් ලත් භොගයෝ ඇත. හෙතෙම උත්‍ථානවීර්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ හෙළු සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භොගයෝ මට ඇතැ යි සුඛය ලබයි. සෞමනස්‍යය ලබයි. ...

4.2.2.1. පත්‌තකම්‌ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (7) 2. පත්‌තකම්‌ම වර්ගය

ගැහැවිය, ලොකයෙහි ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්‍ලභ වූ මේ සතර දහම්හු ය. කවර සතර දහම්හුය යත්: ‘මට භෝගසම්පත්හු දහම් නො බිඳ ගෙණ උදාවෙත්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ මේ පළමුවන දහම ය. ‘දහම් නො බිඳ ... නෑයන් නො හැර සංදෘෂ්ට, සම්භක්තයන් නො හැර මාගේ පිරිවර සැපත් නැගේව’යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ මේ දෙවන දහම ය. ‘දහම් නො බිඳ ... පිරිවර සැපත් ලැබ කලක් ජිවත් වෙම්ව යි - දීර්‍ඝායුෂ රැකගණිම්ව’ යි ලොකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ තෙවන දහම ය ...