මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්‍ද්‍රසූර්‍ය්‍යයන් වැටෙනා කල නක්‍ෂත්‍රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්‍ෂත්‍රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්‍රින්‍දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්‍රින්‍දිවයන් පවත්නා කල මාසාර්‍ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව ...
මහණෙනි, මේ ප්‍රධන් වීර්‍ය්‍යයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: සංවර ප්‍රධන් වීර්‍ය්‍යය, ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍යය, භාවනා ප්‍රධන් වීර්‍ය්‍යය, අනුරක්‍ෂණා ප්‍රධන් වීර්‍ය්‍යයි. මහණෙනි, සංවර ප්‍රධන් වීර්‍ය්‍යය කවරේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලමු අකුසල දහමුන් නූපදනා සඳහා ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි ... මහණෙනි, ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ලමු අකුසල දහමුන් දුරලනු සඳහා ...
මහණෙනි, ආත්මවධය පිණිස දෙවදත්තහට ලාභසත්කාර යශස් උදා විය. මහණෙනි, පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. මහණෙනි, යම්සේ කෙසෙල් ආත්මවධය පිණිස ඵල දේ ද, පිරිහීම පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. මහණෙනි, යම්සේ හුණවනය ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය ...
එකල සැවැත් නුවර එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ටව කලුරිය කෙළේ වෙයි … එකත්පස්ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ: මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණ සතර අහිරාජකුල මෙත්සිතින් නො පැහැසීය. මහණෙනි, ඒ මහණ ඉදින් සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ට ව කලුරිය නො කරන්නේ ම ය. කවර අහිරාජකුල සතරෙක යත්: විරූපක්ඛ අහිරාජකුලය, ඒරාපථ අහිරාජකුලය, ඡබ්‍යාපුත්ත අහිරාජකුලය, කණ්හාගොතමක අහිරාජකුල යි ... සියලු සත්ත්‍වයෝ, සියලු ප්‍රාණයෝ ...
මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලොකයෙහි ඇත. කවර සතර කෙනෙක යත්: රාග සහිතය, ද්වේෂ සහිත ය, මෝහ සහිත ය, මාන සහිත යි. මහණෙනි, මේ සතර පුඟුල්හු ලෝකයෙහි විද්‍යමානයහ. රජනීය රූපාදියෙහි සංරක්ත වූ ප්‍රියරූපය අභිනන්‍දනය කරණ සුලු මොහයෙන් අධම වූ එයින් බැඳුනු සත්ත්‍වයෝ භවබන්‍ධනය වඩත්. අවිද්වත් ජනයෝ රාගයෙන් උපන්, ද්වෙෂයෙන් උපන් මොහයෙනු දු උපන් දුක්සහිත වූ මතුයෙහිත් දුක් වඩන අකුශලකර්‍ම කෙරෙත්. අවිද්‍යායෙන් වටා ගත්, ප්‍රඥාචක්‍ෂුස් රහිත, එයින් ම අන්‍ධ වූ, පුරුෂයෝ ...