මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: රූපාග්‍රය, වෙදනාග්‍රය, සංඥාග්‍රය, භවාග්‍ර යි. මහණෙනි, මේ සතර අග්‍රයෝ යි.
මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ශීලාග්‍රය, සමාධ්‍යග්‍රය, ප්‍රඥාග්‍රය, විමුක්ත්‍යග්‍ර යි. මහණෙනි, මේ සතර අග්‍රයෝ යි.
මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත වූයේ අසත්පුරුෂය යි දතයුතු ය. කවර සතර දහමින යත්: මහණෙනි, මෙලොව්හි අසත්පුරුෂ මෙරමාගේ යම් අගුණයෙක් ඇත් ද, එය නො පුළුවුස්නා ලද්දේත් පහළ කෙරෙයි. පුළුවුස්නා ලද්දහු පිළිබඳ ව කවර කථාය. පුළුවුස්නා ලද්දේ ප්‍රශ්න පිණිස එළවන ලදුව නො පිරිහෙළා නො වසා පරිපූර්‍ණ කොට විස්තර විසින් මෙරමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ භවත් අසත්පුරුෂය යි තෙල දත යුතුය. තවද මහණෙනි, අසත්පුරුෂ මෙරමාගේ යම් ගුණෙයෙක් ඇත් ද, එය විචාරණ ලදුයේත් පාළ නො ...
මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස හේතු ද ඔහු විසින් ආරද්ධ වෙයි. කවර සතර දහමින යත්: නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයෙන, අව්‍යාපාද විතර්‍කයෙන, අවිහිසංසා විතර්‍කයෙන, සම්‍යග්දෘෂ්ටියෙනැ යි. මහණෙනි, මේ සතර දහමින් සමන්වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස හේතු ද ඔහු විසින් ආරද්ධ වෙයි.
මහණෙනි, සතර දහමෙකින් සමන්‍වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස කරුණු ද ඔහුට සම්පූර්‍ණ වෙයි. කවර සතර දහමින යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. බහුශ්‍රැත වෙයි. රුකුළු වැර ඇතියේ වෙයි. පැණැතියේ වෙයි. මහණෙනි, මේ සතර දහමින් සමන්වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. අර්‍හත්ත්‍වය පිණිස ඔහු විසින් හේතු ද ආරද්ධ වෙයි.