අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.2.3.10. කම්‌බොජ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (8) 3. අපණ්‌ණක වර්ගය

එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්‍මාන්ත නො කෙරේද, පිටරට නො යේද, එයට හේතු කවරේ ය, එයට ප්‍රත්‍යය කවරේ ය? ආනන්‍දය, මාගම කිපෙන සුලුය. ආනන්‍දය, මාගම ඊර්‍ෂ්‍යා ඇත්තියක. ආනන්‍දය, මාගම මසුරු ඇත්තියක. ආනන්‍දය, මාගම නුවණ නැත්තියක. ආනන්‍දය, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්‍මාන්ත නො කෙරේ ද, පිටරට නො යේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.

4.2.3.9. වණිජ්‌ජා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (8) 3. අපණ්‌ණක වර්ගය

ශාරීපුත්‍රය, මෙ ලොව ඇතැමෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ, ‘වහන්ස, ප්‍රත්‍යයයෙන් දන්වන්නේ ය’යි පවරයි. හෙතෙම යමෙකින් පවරා ද ඒ නො දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට එ යි නම්, හේ යම් ම වණික්කර්‍මයක් අරඹා ද, ඔහුගේ ඒ කර්‍මය ඡෙදගාමී වෙයි … හේ යමෙකින් පවරා නම් එය අදහස් පරිදි නොදෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට ආ නම්, හේ යම් ම වෙණෙදාමක් අරඹා ද, ඔහුගේ ඒ වෙණෙදාම අදහස් පරිදි නො වේ ... හේ යමෙකින් පවරා නම් එය අදහස් පරිදි දෙයි. හේ ඉන් සැව මේ මිනිස් බවට පැමිණේ නම්, හේ යම් ම ...

4.2.3.8. දක්‌ඛිණවිසුද්ධි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (8) 3. අපණ්‌ණක වර්ගය

මහණෙනි, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, දායකයන් මිස පිළිගාවන් (ප්‍රතිග්‍රාහකයන්) කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙන් වේවයි, පිළිගාවන් කෙරෙන් වේවයි පිරිසිදු නො වන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්‍ෂිණායෙක් ඇත. මහණෙනි, කෙසේ නම් දායකයන් මිස පිළිගාවන් කෙරෙන් පිරිසිදු නො වන දක්‍ෂිණාව වේ ය යත්: ...

4.2.3.7. අචින්තෙය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (8) 3. අපණ්‌ණක වර්ගය

මහණෙනි, යම් කරුණු සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතියයුතු මේ සතර කරුණුය. කවර සතර කරුණුය යත්: මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ බුදුවරුන් පිළිබඳ බුද්ධවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. ... එබඳු වූ ධ්‍යායීහු පිළිබඳ ධ්‍යානවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය ... එබඳු වූ කර්‍මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය ... එබඳු වූ ලෝකචින්තාව සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.

4.2.3.6. කුසිනාර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (8) 3. අපණ්‌ණක වර්ගය

එසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ආශ්චර්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, මම මේ බික්සඟුන් කෙරෙහි මෙසේ හදහමි. “මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හට ද බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැතැ”යි. ආනන්‍දය, තෝ සැදැහැයෙන් කියහි. ආනන්‍දය, මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්‍ගය ...