අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.2.4.5. තමොතමපරායන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (9) 4. මචල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. කවර සතර දෙනෙක යත්: තමො තමපරායනය (අඳුරෙන් අඳුරට යන), තමොජොතිපරායනය (අඳුරෙන් එළියට යන), ජොති තමපරායනය (එළියෙන් අඳුරට යන), ජොති ජොතිපරායනය (එළියෙන් එළියට යන) - මේ පුද්ගලයෝ සතර දෙනය. මහණෙනි, කෙසේ නම් පුද්ගල තමොතමපරායන වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාහාරපාන භොජන ඇති සහදුක් දිවි වැටුම් ඇති දුකින් ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලයෙහි වේව යි, කුළුපොතු කුලයෙහි ...

4.2.4.4. කොධගරු සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (9) 4. මචල වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණැරැ තබන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්: ක්‍රොධගරුක වෙයි, සද්ධර්‍මගරුක නො වෙයි. ගුණමකුබව ගරු කොට ඇත්තේ වෙයි. සදහම් ගරු කොට නැත්තේ වෙයි. ලාභය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්‍මය ගරු කොට නැත්තේ වෙයි. සත්කාරය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්‍මය ගරු කොට නැත්තේ වෙයි. මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. මහණෙනි, සතර කරුණෙකින් ...

4.2.4.3. වණ්‌ණ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (9) 4. මචල වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණැර තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්: නො විමසා නො බැස ගෙණ වර්‍ණනාර්‍හ නො වන්නහුගේ ගුණ කියයි. නො විමසා නො බැස ගෙණ වර්‍ණනාර්‍හයාගේ අගුණ කියයි. නො විමසා නො බැස ගෙණ නො පැහැදිය යුතු කරුණෙහි පහදියි. නො විමසා නො බැසගෙණ පැහැදිය යුතු කරුණෙහි නො පහදියි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත පුද්ගල ගෙණ ඇර තැබුවක් මෙන් නිරයෙහි බැහුනේ ය. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ...

4.2.4.2. මුසාවාදී සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (9) 4. මචල වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර සතර කරුණෙන යත්: මුසවා බණන සුලු වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. කැකුළු බස් ඇතියේ වෙයි. නිෂ්පල ඇතියේ වෙයි. මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත ය. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්: මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරුවූයේ වෙයි ...

4.2.4.1. පාණාතිපාතී සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (9) 4. මචල වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්: පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි බහන ලද්දේ වෙයි. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්: පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි ...