මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්: ශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්ම ය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර යි. මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්‍ෂ වූයේ නො පත් රහත්ඵල ඇත්තේ අනුත්තරයෝගක්‍ෂේමය ඉස්මින් වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල (=ප්‍රමාදවිහාරීශෛක්‍ෂ) වේ. මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චඋපාදානස්කන්‍ධයෙහි උදා විය දක්නා සුලු ව වෙසේ ...
මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර කෙනෙක යත්: ශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්මය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුක්‍රමාර යි. මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇතියේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග්ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල ...
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: ශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්මය, ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර යි. මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණ අචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයොජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවන් වූයේ අවිනිපාතධර්‍ම ඇත්තේ නියත වූයේ සම්බොධිපරායණ වූයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල (=ශ්‍රොතාපන්න) වේ. මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණ පුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්‍ෂය ...
මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්: ශ්‍රමණඅචල ය, ශ්‍රමණපුණ්ඩරීක ය, ශ්‍රමණපද්ම ය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර යි. මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්‍ෂ වේ, පිළිපන්නේ වේ, අනුත්තර යොගක්‍ෂෙම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය ඉස්නේ වෙසෙයි. මහණෙනි, යම්පරිදි මුදුනෙහි බිසෙස් කළ කැත්රජක්හුගේ දෙටුපුත් අභිෂෙකාර්‍හ වූයේ (එහෙත්) අනභිෂික්ත වූයේ (එහෙයින්) ම අචලප්‍රාප්ත වුයේ වේද, මහණෙනි, එපරිදි ම මහණ ...
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: ඔනතොනත (නීච-නීච) ය, ඔනතුන්නත (නීච-උත්තම) ය, උන්නතොනත (උත්තම-නීච) ය, උන්නතුන්නත (උත්තම-උත්තම) යි. මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල් කුලයෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් ...