අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.2.5.5. ඡවාලාත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (10) 5. අසුර වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: තමාහට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේ වයි, නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය. මහණෙනි, යම් පරිදි දෙපස ඇවිළ ගත්, මැද අශුචි වැකුණු සොහොන් පෙණහෙල්ල ගමෙහි කාෂ්ටයෙන් කරණ කිස සිදු නො කෙරේ ද, අරණ්‍යයෙහි කාෂ්ටාර්ථය ...

4.2.5.4. තතිය සමාධි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (10) 5. අසුර වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේ වෙයි. මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වෙයි. මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේ, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයත් නො ලබන ...

4.2.5.3. දුතිය සමාධි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (10) 5. අසුර වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්ත සමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි. මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි. මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්ත සමාධිය නො ම ලබන සුලු වෙයි ...

4.2.5.2. පඨම සමාධි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (10) 5. අසුර වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය නොම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහක ...

4.2.5.1. අසුර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (10) 5. අසුර වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: අසුරසදෘශ අසුරපරිවාරය, අසුරසදෘශ දෙවපරිවාරය, දෙවසදෘශ අසුරපරිවාරය, දෙවසදෘශ දෙවපරිවාර යි. මහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ. මහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ දෙවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ...