මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි. හණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපේ ...
මහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇති වෙයි. ඔහු පිරිස ද දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය ඵලගුපරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි. මහණෙනි, කෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති ...
මහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සිය පිරිස ඝටා උද්වෙග (බියපත්) කරන්නේ වෙයි. පරපිරිස නොගටන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේය. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ ව පරගවචණ්ඩ නොවූයේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි. මහණෙනි, කෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නොවූයේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් පරපර්‍ෂද් ඝටා උද්වෙග ...
මහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... ‘‘මේ දුක්ඛනිරොධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නී වාස නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි. මහණෙනි, කෙසේ ...