අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.3.1.5. අම්‌බ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (11) 1. වලාහක වර්ගය

මහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරියෑම, පසුඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, අත්පා දිගුකිරීම, සඟළපාසිවුරු දැරීම යන මේ ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... ‘‘මේ දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වෙයි. මහණෙනි, යම් සේ ඒ අඹය අමු වූයේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි. මහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ අමුවන් ...

4.3.1.4. උදකරහද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (11) 1. වලාහක වර්ගය

මහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, වටා බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛ නිරොධය”යි ... “මේ දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණේ ද ...

4.3.1.3. කුම්‌භ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (11) 1. වලාහක වර්ගය

මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත හිස් වූයේ පියු මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, වටාලා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛනිරොධය”යි ... “මේ දුක්ඛනිරොධගාමිනී පටිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි ...

4.3.1.2. දුතියවලාහක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (11) 1. වලාහක වර්ගය

මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ ” යි තත් වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි ...

4.3.1.1. පඨමවලාහක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (11) 1. වලාහක වර්ගය

මහණෙනි, කෙසේ පුද්ගල තෙමේ ගිගිරි ඇත්තේ නොවස්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් (මෙ ද මෙ ද කරමි යි) බණන්නේත් නො කරන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරනුයේ නො වස්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි කරන්නේ නො වස්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි. මහණෙනි, කෙසේ පුද්ගල වර්‍ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් (නො බැණ ම ඒ ඒ දැය) කරන්නේ වෙයි. බණන්නේ නො වෙයි. මහණෙනි ...