අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.3.2.5. ඨාන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, එහි කරන්නට අමනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්‍ය්‍යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්‍රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතු යි. මහණෙනි, බාල තෙමේ මෙසේ නො සලකයි : ‘මෙ කරුණ කරන්නට අමනාපය. වැලිත් මෙ කරුණ කරණු ලබන්නේ අර්ථයට වැටේ’ ය යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට නො කරණු ලබන එකරුණ අනර්ථයට වැටෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි : ‘මෙකරුණ කරන්නට ...

4.3.2.4. නාග සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, එපරිදි ම සතර කරුණෙකින් සමන්වාගත මහණ ආහුනෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙයි. කවර සතර කරුණෙන යත් : මහණෙනි, මෙසස්නෙහි මහණ අසනුයේ ද, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි. මහණෙනි, කෙසේ මහණ අසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තථාගතයන් විසින් වදාරණ ලද ධර්‍ම විනය දෙසනු ලබන කල්හි අර්ථීව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙණ රුකළ කන් ඇතිව ඒ දහම් අසයි. මහණෙනි, මෙසේ මහණ අසනුයේ ...

4.3.2.3. අස්සාජානීය–පතොද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි අසා ද, හෙ එයින් සංවේග (මනාවීර්‍ය්‍ය) කෙරෙයි, සංවේගයට පැමිණෙයි. උපන් සංවේග ඇත්තේ, නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නාමකයිනුත් නිවන් දක්නේ විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥායෙන් ද විනිවිද දකියි. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය කැහිටිසෙය දැක සංවේග කෙරේ ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි මම කියමි ...

4.3.2.2. අස්සාජානීය–ජව සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය සතර අඟෙකින් සමන්‍වාගත වූයේ රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි. කවර සතර අඟෙකින යත් : ඍජු බැවින, පද ජවයෙන, අධිවාසනායෙන, සුරතභාවයෙනැ යි. මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජනීය මේ සතර අඟින් සමන්‍වාගත වූයේ රජුට නිසි වූයේ වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි. මහණෙනි, එපරිදි ම සතර අඟෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි ...

4.3.2.1. කේසි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

කේසිය, මම පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයනය කෙරෙමි. කේසිය, එහි මේ ශ්ලක්‍ෂණභාවය වෙයි : කායසුචරිතය මෙබඳු වෙයි, කායසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. වචීසුචරිතය මෙබඳු වෙයි, වචීසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. මනඃසුචරිතය මෙබඳු වෙයි, මනඃසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. දෙවියෝ මෙබන්දහ, මනුෂ්‍යයෝ මෙබන්දහයි මෙසේ දැක්වීමයි.කේසිය, එහි මේ පරුෂභාවය වෙයි : කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය ...