අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.3.2.10. දුතිය භය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත් : අග්නිභය ය. උදකභය ය. රාජභය ය. චොරභය යි. මහණෙනි මේ සතර භීතීහු යි ...

4.3.2.9. භය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, මේ සතර භීතිහු වෙති. කවර සතරහ යත් : ජාති භය ය. ජරා භය ය. ව්‍යාධි භය ය. මරණ භය යි. මහණෙනි, මේ සතරභීතීහු යි ...

4.3.2.8. සංවෙජනීය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, සැදැහැති කුලපුතකු විසින් දැක්ක යුතු, සංවෙග කටයුතු, මේ ස්ථානයෝ සතරෙක. කවර සතරෙක යත් : මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්හ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළහයි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පැවැත්වූහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි. මහණෙනි, මෙහි තථාගතයන් ...

4.3.2.7. ආරක්‌ඛ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, සතර තැනෙක තමාට නිසි සැටියෙන් (හිත-කැමැත්තෙන්) අප්‍රමාදය-ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය. කවර සතර තැනෙක යත් : සිත් ඇලීමට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් ඇලේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය. ද්වේෂයට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් දූෂිත වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය. මෝහනයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මුළා වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය ...

4.3.2.6. අප්‌පමාද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් අප්‍රමාදය කළ යුතුය. කවර සතර කරුණෙන යත් : මහණෙනි, කායදුශ්චරිතය හැර පියව. කාය සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, වාග්දුශ්චරිතය හැර පියව. වාක්සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මනොදුශ්චරිතය හැර පියව. මනඃසුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මිසදිටු හැර පියව. සම්දිටු වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, යම් කලක මහණහට කායදුශ්චරිතය ප්‍රහීණ වේ ද, කායසුචරිතය භාවිත වේ ද, වාග්දුශ්චරිතය ප්‍රහීණ වේ ද, වාක්සුචරිතය භාවිත වේ ද ...