මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්වසත්ත්වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ (දොම්නස්) රහිත වූ මෙත්සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ දැහැන සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන කැමැති වෙයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇතියේ නො පිරිහුනේ ...
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත් : මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ඇටිඇටිසඳ සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක් ඇත් ද, වෙදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට යෙයි ...
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත් : මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව අකුසලදහමින් වෙන් ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්රථමධ්යානට පැමිණ වෙසෙයි. හේ ඒ ධ්‍යානය සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් ම තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ දැහැනින් බෙහෙවින් වසන්නේ එයින් නො පිරිහුනේ කලුරිය කරමින් බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, ...
මහණෙනි, දියට බස්නහුට මේ භීතීහු සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත් : රළ බිය, කිඹුල් බිය, සුළි බිය, සැඩමස් බිය යි. මහණෙනි, දියට බස්නහුව මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ. මහණෙනි, එපරිදි ම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම මේ ශාසනයෙහි පැවිදි වන ඇතැම් කුලපුත්‍රයකුට මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ. කවර සතර භීතීහු ය යත් : ඌමිභය, කුම්භීලභය, ආවට්ටභය, සුසුකාභය යි. මහණෙනි, ඌමිභය නම් කවරේය යත් : මහණෙනි, “ජාතිවිසිනුදු ජරාමරණවිසිනුදු ශෝකපරිදෙවදුඃඛදෞර්මනස්ය උපායාසවිසිනිදු ...
මහණෙනි, මේ සතර භීතීහු වෙති. කවර සතරහ යත් : ආත්මානුවාදභය ය. පරානුවාදභය ය. දණ්ඩභය ය. දුර්ගතිභය යි. මහණෙනි, ආත්මානුවාදභය නම් කවරේය යත් : මහණෙනි, මෙලොව ඇතැම් එකෙක් මෙසේ සලකයි. ‘මම ද කයින් දුශ්චරිත කෙරෙම් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙම් නම්, සිතින් දුශ්චරිත කෙරෙම් නම්, කිම, තෙමේ ඒ මට සීලයෙන් උපවාද නො කරන්නේ වේ ද?, හේ ආත්මානුවාදභයට බියපත් වූයේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනඃසුචරිතය වඩයි. ශුද්ධ ...