මහණෙනි, සක්විතිරජහු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර ධර්‍ම කෙනෙක යත් : මහණෙනි, ඉදින් කැත්පිරිස් සක්විති රජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ක්‍ෂත්‍රියපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි. මහණෙනි, ඉදින් බමුණුපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ...
මහණෙනි, ආනන්‍දයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත් : මහණෙනි, ඉදින් භික්‍ෂුපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස භාෂිතයෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති. මහණෙනි, ඉදින් භික්‍ෂුණීපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, ...
මහණෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර ධර්‍ම කෙනෙක යත් : මහණෙනි, ප්‍රජා තොමෝ ආලය ආරාම කොට ඇත්තී (පඤ්චකාම ගුණ) ආලයෙහි ඇලුනී වෙයි. ආලයෙහි ප්‍රමුදිත වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් විවට ඇසුරු කළ අරීදහම් දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත එළවයි. මහණෙනි, ප්‍රජාව මානය ආරාම කොට ඇත්තී මානයෙහි ඇලුනී මානයෙහි ප්‍රමුදිත වූවා වෙයි. ඒ ප්‍රජාව තථාගතයන් ...
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළ වෙත්. කවර සතර කෙනෙක යත් : මහණෙනි, යම් කලෙක බෝසත් තුසීදෙව්ලොවින් සැව සිහි නුවණින් යෙදී මවුකුස පිළිසිඳ ගත්තේ වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවි මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල වූ අවහාසයෙක් පහළ වෙයි. යම් නිරයෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු ...
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසේයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මෙත් සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ යම් ම එහි රූපයෙක්, වෙදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද, ඒ ධර්‍මයන් අනිත්‍ය විසින්, රෝග විසින්, ගඬ විසින්, අඝ විසින්, ආබාධ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින් ...