අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.3.4.5. වජ්ජපුග්ගල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (14) 4. පුග්‌ගල වර්ගය

මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: සාවද්‍යය, වද්‍යබහුලය, අල්පවද්‍යය, අනවද්‍ය යි. මහණෙනි, කෙසේ පුද්ගල සාවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සාවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සාවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සාවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාවද්‍ය වෙයි. මහණෙනි, කෙසේ පුද්ගල වද්‍යබහුල වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බොහෝසෙයින් සාවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය ...

4.3.4.4. ඵලූපජීවීපුග්ගල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (14) 4. පුග්‌ගල වර්ගය

මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්? උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් වනසුලු කර්‍මඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, කර්‍මඵලයෙන් ජීවත් වනසුලු උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙනුදු ජීවත් වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් වනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නො වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් නොවනසුලු පුද්ගල යි. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.

4.3.4.3. නෙය්‍යපුග්ගල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (14) 4. පුග්‌ගල වර්ගය

මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි. මහණෙනි, ලොකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.

4.3.4.2. පටිභානපුග්ගල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (14) 4. පුග්‌ගල වර්ගය

මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: අර්ථයුක්තප්‍රතිභාන (වැටහීම්) ඇත්තේ, වහා අවුල් මුදා බණන ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ඇත්තේ, අර්ථයුක්ත ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ද ඇත්තේ, අර්‍ථ යුක්ත ප්‍රතිභාන ද ඇත්තේ ය. අර්ථයුක්ත ප්‍රතිභාන නැත්තේ අවුල් මුදා බණන ප්‍රතිභාන ද නැත්තේ ය. මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.

4.3.4.1. සංයොජනපුග්ගල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (14) 4. පුග්‌ගල වර්ගය

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඔරම්භාගීය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්ති ප්‍රතිලාභයට හෙතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවප්‍රතිලාභයට හෙතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඔරම්භාගීය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනතුරු උත්පත්තිය පිණිස හෙතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවය පිණිස හෙතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. මහණෙනි ...