මහණෙනි, මේ වාදීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්? මහණෙනි, අර්ථ විසින් අවසන් කොට ගැණුමට යන ව්‍යඤ්ජන විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, ව්‍යඤ්ජන විසින් පරික්‍ෂයට යන අර්ථ විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්‍ෂයට යන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්‍ෂයට නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, මේ වාදීහු සතර දෙන යැ. මහණෙනි, සිවුපිළිසැඹියායෙන් සමන්වාගත මහණ අර්ථ විසිනුත් ව්‍යඤ්ජන විසිනුත් පරික්‍ෂයට යේ ය යන ...
මහණෙනි. මේ ධර්‍මකථිකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් අල්ප කොට ද අර්ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ හෝ බසට අදක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු අදක්‍ෂ පිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය’’යි ගණයට යේ. මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් අල්ප කොට ද අර්ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු දක්‍ෂපිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය’’යි ගණයට ...
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: (වෙනෙන්) ඇද ගත් කය ඇත්තේ (වනයට) වැද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය. ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ද ඇත්තේ ය. මහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍ය සෙනසුන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද, සෙවුනේ ය. හේ එහි ලා කාමවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. ...
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක නො වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද නො වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ ...
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී නො වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි ...