අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.3.5.5. පජ්‌ජොත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (15) 5. ආභා වර්ගය

මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ (ප්‍රභාස්වරයෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: චන්‍ද්‍රප්‍රද්‍යොත ය, සූර්‍ය්‍යප්‍රද්‍යොත ය, අගනිප්‍රද්‍යොත ය, ප්‍රඥාප්‍රද්‍යොත යි. මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයන් කෙරෙහි ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.

4.3.5.4. ඔභාස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (15) 5. ආභා වර්ගය

මහණෙනි, මේ අවභාසයෝ (බබලන්නෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: චන්‍ද්‍රාවභාස ය, සූර්‍ය්‍යාවභාස ය, අගන්‍යවභාස ය, ප්‍රඥාවභාස යි. මහණෙනි, මේ අවභාසයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර අවභාසයන් කෙරෙහි ප්‍රඥාවභාසයෙක් ඇද්ද, තෙල අග්‍රයි.

4.3.5.3. ආලෝක සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (15) 5. ආභා වර්ගය

මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: චන්‍ද්‍රාලෝක ය, සූර්‍ය්‍යාලෝක ය, අගන්‍යාලෝක ය, ප්‍රඥාලෝක යි. මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආලෝකයන් කෙරෙහි ප්‍රඥාලෝකයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.

4.3.5.2. පභා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (15) 5. ආභා වර්ගය

මහණෙනි, මේ ප්‍රභාවෝ (දීප්ත රශ්මිහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: චන්‍ද්‍රප්‍රභා ය, සූර්‍ය්‍යප්‍රභා ය, අග්නිප්‍රභා ය, ප්‍රඥාප්‍රභා යි. මහණෙනි, මේ ප්‍රභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රභාවන් කෙරෙහි ප්‍රඥාප්‍රභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.

4.3.5.1. ආභා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (15) 5. ආභා වර්ගය

මහණෙනි, මේ ආභාවෝ (විහිදෙන රශ්මීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: චන්‍ද්‍රාභා ය, සූර්‍ය්‍යාභා ය, අග්න්‍යාභා ය, ප්‍රඥාභා යි. මහණෙනි, මේ ආභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආභාවන් කෙරෙහි ප්‍රඥාභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.