මහණෙනි, මේ සාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ගිලසාර ය, සමාධිසාර ය, ප්‍රඥාසාර ය, විමුක්තිසාර යි. මහණෙනි, මේ සතර සාරයෝ යි.
මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි. කවර සතරහ යත්: සත්‍යවචන ය, අපිශුනවචන ය, මොළොක් වචන ය, නුවණින් පිරිසිඳ කළ කථා යි. මහණෙනි, මේ සතර වාග්සුචරිතයෝ යි.
මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මෘෂාවාද ය, පිශුනවාක්‍ය ය, පරුෂවාක්‍ය ය, සම්ඵප්‍රලාප යි. මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.
මහණෙනි, මේ කාලයෝ (කුශල ධර්‍මයෝ) සතර දෙනෙක් මොනොවට වඩනු ලබන්නාහු මැනවින් වටාලා කරණු ලබන්නාහු ක්‍රමයෙන් ආස්‍රවක්‍ෂයට පමුණුවත්. කවර සතර දෙනෙක යත්: නිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි. මහණෙනි, මේ කුශල ධර්‍මයෝ සතර දෙනා මැනවින් වඩනු ලබන්නාහු, මැනවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්. මහණෙනි, යම් පරිදි පර්‍වතය මත දළ බිඳු ඇති වැසි වසිත් ම ඒ දිය වළ තැන් තුබූ සැටියෙන් වැටෙමින් පවුකඳුරු පැළිවළන් ...
මහණෙනි, මේ කාලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: නිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි. මහණෙනි, මේ කාලයෝ සතර දෙන වෙති.