අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.4.1.10. සුගතවිනය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය

මහණෙනි, සුගතයන් වහන්සේ වෙත්ව යි සුගතවිනය වේව යි ලෝකයෙහි පවත්නේ වේ නම් ඒ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට අර්‍ථ පිණිස, හිත පිණිස, සුඛ පිණිස වෙයි. මහණෙනි, සුගතයන් වහන්සේ නම් කවරහුය යත්: මහණෙනි, මෙ ලොව අර්‍හත්, සම්‍යක් සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලොකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථී, දෙවි මිනිස්නට අනුශාසක, චතුස්සත්‍යාවබොධ කළ, භාග්‍යවත්, තථාගතයන් වහන්සේ පහළ වන සේක. මහණෙනි, මේ සුගතයෝ නම් වෙති. ...

4.4.1.9. භික්‌ඛුනී සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය

බුහුනණියනි, මේ කය ආහාරයෙන් වැඩින. අහර නිසා කර්‍මාහාරය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා පූර්‍වතෘෂ්ණාව ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා පූර්‍වමානය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හෙතු නැස්ම වදාරණ ලදී. “බුහුනණියෙනි, මේ කය ආහාරයෙන් වැඩින. ආහාරය නිසා ආහාරය පහ කළ යුතුය” යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියූ ද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි ...

4.4.1.8. පරිහාණි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය

ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ: ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි ලා නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් “තෙල පිරිහිනෙකැ”යි වදාරණ ලදී. කවර සතර දහම්හුය යත්: රාගවෛපුල්‍ය ය, ද්වෙෂවෛපුල්‍ය ය, මොහවෛපුල්‍ය ය, ඔහුගේ පැණැස ගැඹුරු ස්ථාන අස්ථානයෙහි (කාරණාකාරණයෙහි) නො වැදගණී නම් එද යන සතර යි. ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, ...

4.4.1.7. රෝග සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය

මහණෙනි, මේ රොගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: කායිකරොගය හා චෙතසිකරොග යි. මහණෙනි, කායිකරෝගයෙන් එක් හවුරුද්දකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු දෙකකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු තුණකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු සතරකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු පසකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු දසයකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු විස්සකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු තිසකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු සතළිසකුදු ආරොග්‍යය පිළිණ කරණ, හවුරුදු පණසකුදු ...

4.4.1.6. අසඞ්ඛෙය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය

මහණෙනි, මේ මේ කල්පය පිළිබඳ සතර අසඞ්ඛෙය්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්: මහණෙනි, යම් කලෙක්හි කප නස්නේ ද, මෙතෙක් වර්‍ෂ කෙනෙක කියා හෝ මෙතෙක් වර්‍ෂශතයෙක කියා හෝ මෙතෙක් වර්‍ෂසහස්‍රයෙක කියා හෝ මෙතෙක් වර්‍ෂශතසහස්‍රයෙක කියා හෝ එය ගණනට සුකර නො වේ. මහණෙනි, යම් කලෙක කප සංවර්‍තව සිටුනේ ද, වර්‍ෂ මෙතෙකැ යි කියා හෝ වර්‍ෂශත මෙතෙකැයි කියා හෝ වර්‍ෂසහස්‍ර මෙතෙකැ යි කියා හෝ වර්‍ෂශතසහස්‍ර මෙතෙකැයි කියා හෝ එය ගණනට සුකර නො වේ. මහණෙනි, යම් කලෙක කප ...