මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: අක්ඛමා පටිපදා ය, ඛමා පටිපදා ය, දමා පටිපදා ය, සමා පටිපදා යී. මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර ? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීත උෂ්ණ බඩසය පවස මැසි මදුරු වා අව් දිග්දැහැ යන මුන්ගේ පහස් නොඉවසන්නේ වෙයි. නපුරු කොට බිණූ නපුරු කොට පැමිණි වචනයන් ද, දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශරීරසන්නිහිත වෙදනාවන් නොඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා ය යි කියනු ලැබේ. මහණෙනි, ඛමා ...
මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: අනධිවාසනා (නො ඉවසීම්) සඞ්ඛ්‍යාත අක්ඛමා පටිපදා ය, අධිවාසනා (ඉවසීම්) සඞ්ඛ්‍යාත ඛමා පටිපදා ය, (ඉන්‍ද්‍රියදමන සඞ්ඛ්‍යාත) දමා පටිපදා ය, (අකුශලවිතර්‍කයන්ගේ ව්‍යපසම සඞ්ඛ්‍යාත) සමා පටිපදා යි. මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්‍රොෂ කරන්නහුට පෙරළා ආක්‍රොෂ කෙරෙයි. ඝටන්නහුට පෙරළා ඝටයි. පහර දෙන්නහුට පෙරළා පහර දෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා නමු. මහණෙනි, ඛමා පටිපදා නම් කවර ? ...
දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි. මහණෙනි, දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ තමාගේ කරජකායයෙහි අශුභානුදර්ශී වූයේ කවලීකාරාහාරයෙහි පිළිකුළැ යි යන සංඥා ඇත්තේ, මුළුලොව්හි උකටලී සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන් විෂයයෙහි අනිත්‍යානුදර්ශී වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණසංඥාව මැනවින් එළඹ සිටියේ වෙයි. හේ ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල ය දැ යි මේ පඤ්ච ශෛක්‍ෂබලයන් ...
මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්: දුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ශීඝ්‍රාභිඥා ඇති එකෙක. මහණෙනි, දුක් පිළිවෙත් ඇති දන්‍ධාභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර (තියුණු) රාග ඇති වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂ ඇති වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර මොහ ඇති වෙයි. නිතර මොහයෙන් හටගත් ...
මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්: දුක් වූ පිළිවෙත් ඇති දන්‍ධ (ගුරුබැවින් ලැසි) වූ අභිඥා (අවබොධ) ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ක්‍ෂිප්‍ර (ශීඝ්‍ර) වූ අභිඥා ඇති එකෙක. සුවපිළිවෙත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති එකෙක. සුවපිළිවෙත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති එකෙක. මහණෙනි, මේ ප්‍රතිපත් සතර යි.