ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල ප්‍රකාශ කළහ: ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ වේවයි මෙහෙණක් හෝ වේවයි මා කෙරෙහි අර්‍හත්ත්‍වප්‍රාප්තිය පවසා ද, ඒ හැම සතර මගින් හෝ මොවුන් අතරෙන් එක්තරා එකෙකින් හෝ වෙයි. කවර සතර මගින යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ සමථ පූර්‍වඞ්ගම කොට විවසුන් භවයි. සමථපූර්‍වඞ්ගම කොට විවසුන් වඩන උහුට ප්‍රථම ලෝකෝත්තර මාර්‍ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සඤ්ඤොජනයෝ ප්‍රහීණ වෙත් ...
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයේ විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි. මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී ...
එකත්පස්ව හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: දුක්ඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්‍ධා භිඤ්ඤා ය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් කවර ප්‍රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදිනි ද? ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර ... සුඛ වේ ද, ...
එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට තෙල කිහ: ඇවැත් මුගලනෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤිඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් කවර ප්‍රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදිනි ද? ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර ... අතුරෙන් නො සරස් ව ප්‍රතිවෙධ ගන්නා යම් ...
මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති එකෙක, දුක් වූ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක, සුඛ වූ ප්‍රතිපදා ඇති ලැසි අභිඥා ඇති එකෙක, සුඛ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක. මහණෙනි, එහි ලා යම් මේ දුක් වූ දන්‍ධාභිඥ වූ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දුක් වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දන්‍ධාභිඥ වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි ...