ඇවැත්නි, ඉදින් විද්‍යායෙන් වටදුක් කෙළවර කරන්නේ වී නම් උපාදාන සහිත වූයේ ම වටදුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වී නම්, උපාදාන සහිත වූයේ ම කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් විද්‍යාචරණ දෙකින් කෙළවර කරන්නේ වී නම් උපාදාන සහිත වූයේ ම කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් විද්‍යාචරණ මිස කෙළවර කරන්නේ වී නම්, පුහුදුන් තෙමේ කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, පුහුදුන් විද්‍යාචරණයෙන් වෙන් ව සිටුනේ ය. ඇවැත්නි, චරණ නැත්තේ තත් වූ පරිදි නො ...
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශෙෂ විරාගය හා නිරොධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැයි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරොධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් සපර්‍ශායතනයන්ගේ අශෙෂ විරාගය හා නිරොධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි මෙසේ කියනුයේ ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි ...
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච (තණ්හා මාන දිට්ඨි විසින් විස්තර) නො කටයුතු තැන ප්‍රපඤච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශෙෂ විරාගය හා නිරොධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ...
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ: ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් කරුණු විසින් අකුරු විසින් අර්ථප්‍රතිසම්භිදාව ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මම එය නන් නියරින් කියමි. පළකොට කියමි. දන්වමි. පවත්වා කියමි. හෙළි කොට කියමි. විභාග කොට කියමි. නොගැඹුරු (නොමුවහ) කොට කිමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘ කෙනෙක් අපගේ දහම් පිළිබඳ අතිශයකෘතහස්ත වූහු නම්, ඒ ශාස්තෲහු ද අපට සම්මුඛීභූතයහ. ඇවැත්නි ...
මහණෙනි, කායවිඥප්තිය ඇතිවත් ම කායද්වාරයෙහි පැවැති කුශලාකුශල සඞ්ඛ්‍යාත විංශත් සඤ්චෙතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, වාග්විඥප්තිය ඇතිවත් ම වාග්ද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චෙතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, මනොද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චෙතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ම උපදි යි. මහණෙනි, යමක් ප්‍රත්‍යය කොට ගෙණ ඔහට තමා තුළ සුව දුක් උපදනේ ද, තෙමේ ම හෝ ඒ කායසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. ...