මහණෙනි, සතර මහාපදෙසයෝ කවරහ? මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේය: “ඇවැත්නි, මා විසින් තෙල භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්‍ම ය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි. මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දනය නො කටයුතු ය. පිළිකෙසි නො කටයුතුය. අභිනන්‍දනය නොකොට පිළිකෙසි නොකොට ඒ පදසඞ්ඛ්‍යාත ව්‍යඤ්ජනයෝ මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බහා ලියයුතු වෙති. විනයෙහි ලා සැසඳිය යුතු වෙති. ඉදින් ඒ පදව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහනු ලබන්නාහු, ...
එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත, ශාරීපුත්‍රයෙනි, මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය? ඇවැත ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත්. ‘මොහු ස්ථිතිභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත් ද, ‘මොහු විශෙෂභාගීය සංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘මොහු නිර්‍වෙදභාගියසංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ...
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චෙතොවිමුත්තියකට වැද ගෙණ වාස කෙරේ. හේ සත්කායනිරොධය (වට පිළිබඳ නිවන) මෙනෙහි කෙරේ. සත්කායනිරොධය මෙනෙහි කරණ ඔහට සත්කායනිරොධයෙහි ලා සිත අරමුණු විසින් නො වදනේ ය. නො පහදනේ ය. මොනොවට නො සිටුනේ ය. නිශ්චය කොටගෙණ නො සිටුණේ ය. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරොධය නො කැමැති විය යුතුය. මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලහ ගැල්වූ ...
රාහුලය, ආධ්‍යාත්මික යම් පෘථිවිධාතුයෙක් ඇද්ද, යම් බාහිරපෘථිවී ධාතුයෙක් ඇද්ද, තෙල පෘථිවීධාතු ම වෙයි. “තෙල පෘථිවිධාතු මා ගැත්තේ නො වෙයි. මම පෘථිවිධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙයි” කියා ඒ පෘථිවීධාතුව මෙසේ තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල පෘථිවිධාතුව තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක පෘථිවීධාතුයෙහි උකැටි වෙයි. පෘථිවීධාතුයෙහි සිත් නො අලවයි. රාහුලය, යම් ආධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද, යම් ඉන්‍ද්‍රියබද්ධයෙන්බැහැරි අබ්ධාතුයෙක් ඇද්ද, තෙල අබ්ධාතු ම වෙයි. “තෙල මා ...
මහණෙනි, සැදැහැති මහණ මොනොවට ආයාචනා කරණුයේ මෙසේ ආයාචනා කරන්නේය: “සැරියුත් මුගලන්හු යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් සැරියුත් මුගලන්හි දෙදෙනෙක් වෙත් ද, මාගේ ශ්‍රාවක භික්‍ෂුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි. මහණෙනි, සැදැහැති මෙහෙණ මොනවට පතන්නී, මෙසේ ප්‍රාර්ථනා කරන්නී ය: “ඛෙමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛෙමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන වෙත් ද, මාගේ ශ්‍රාවක භික්‍ෂුණීනට තෙල ...