අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.4.4.5. චතුකොටික සුඤ්ඤතා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (19) 4. බ්‍රාහ්‌මණ වර්ගය

පිරිවැජියෙනි, මා, තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලද මේ සතර බ්‍රාහ්මණසත්‍ය කෙනෙක් ඇත. කවර සතර සත්‍ය කෙනෙක යත්: පිරිවැජියෙනි, මෙලොව ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ මෙසේ කියයි: “සියලු ප්‍රාණීහු අවධ්‍යයෝ” ය කියා යි. මෙසේ බණන බමුණු සැබැවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් ‘මම ශ්‍රමණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම ශ්‍රෙෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. තවද එහි යම් ම ...

4.4.4.4. ජාණුස්සෝනී සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (19) 4. බ්‍රාහ්‌මණ වර්ගය

එකත්පස් ව හුන් ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයෙනි, “මම මෙ බඳු වාද ඇතියෙමි. මෙබඳු දිටු ඇතියෙමි. මරණසැහැවි ඇතිව මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදනා යමෙක් නැත” යනුයි. බමුණ, මරණසැහැවි ඇතිව මරණයට බානා සන්ත්‍රාසයට පැමිණෙන යමෙක් ඇත. බමුණ, මරණසැහැවි ඇත ද මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදිනා යමෙක් ද ඇත. බමුණ, මරණසැහැවි ඇතියේ මරණයට බානා, සන්ත්‍රාසයට වදනා පුද්ගල කවරේ ය යත්: බමුණ, මෙලොව කිසිවෙක් කාමයෙහි අවීතරාග වූයේ ...

4.4.4.3. වස්සකාර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (19) 4. බ්‍රාහ්‌මණ වර්ගය

එකත්පස්ව හුන් මගධ මහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ‘‘යම් කිසිවෙක් ‘මා විසින් මෙසේ දක්නා ලදැ’යි දුටු දෑ බෙණේ නම් එහි දොසෙක් නැත ... බමුණ, මම දුටු හැම කියයුතුය යි නොකියමි. බමුණ, මම දුටු හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම ඇසූ හැම කියයුතුය යි නො ම කියමි. බමුණ මම ඇසූ හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම හැම (ඵොට්ඨබ්බ ගන්‍ධරස සඞ්ඛ්‍යාතමුතය) කියයුතු ය යි නො ම කියමි. බමුණ, මම හැම මුතය නොකියයුතු ය යි නො ද කියමි. ...

4.4.4.2. පාටිභෝග සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (19) 4. බ්‍රාහ්‌මණ වර්ගය

මහණෙනි, දහමුන් සතර දෙනකුන්ට මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත. කවර සතර දෙනකුට ය යත්: “ජරාධර්‍මය නහමක් දිරාව”යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත. ‘ව්‍යාධිධර්‍මය නහමක් පෙළෙව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසි වෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත. ‘මරණධර්‍මය නහමක් මියේව’යි, මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, ...

4.4.4.1. යෝධාජීව සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (19) 4. බ්‍රාහ්‌මණ වර්ගය

මහණෙනි, එපරිදි ම සතර දහමෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙයි. කවර සතර දහමෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ‘ඨානකුසල’ වූයේත් ‘දූරෙපාතී’ වූයේත් ‘අක්ඛණවෙධී’ වූයේත් මහත් ‘කායවිදාරණය’ කරන්නේත් වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ ‘ඨාන කුසල’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ශික්‍ෂාපද විෂයයෙහි සමාදානය කොට හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ඨාන කුසල’ වෙයි. මහණෙනි, කෙසේ මහණ දූරෙ පාතී වේ ද? ...