ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬව හුන් බික්සඟුන් බලා භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මේ පර්‍ෂද් ප්‍රලාපරහිතය. මහණෙනි, මේ පර්‍ෂද් නිෂ්ප්‍රලාපය, නිර්‍මලය, ශීලාදී සාරයෙහි පිහිටිය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ එබඳුය. මහණෙනි, යම්බඳු පිරිසෙක් ලෝකයෙහි දක්නට පවා දුර්‍ලභ වේ ද, මේ පිරිස එබඳුය: මහණෙනි, මේ පිරිස එබඳුය. ආහුනෙය්‍යය, පාහුණෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අඤ්ජලිකරණීයය, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ එබඳුය. මහණෙනි, යම්බඳු පිරිසෙක් ඇද්ද, අල්ප කොට දෙන ලද්ද විපාක විසින් ...
මහණෙනි, මේ සාක්‍ෂාත් (ප්‍රත්‍යක්‍ෂ) කළයුතු දහම්හු සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: මහණෙනි, නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. දිව්‍යචක්‍ෂුසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. ධ්‍යානප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ ඇත. මහණෙනි, නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහ? මහණෙනි, අෂ්ටවිමොක්‍ෂයෝ නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු වෙති. මහණෙනි, ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්‍මයෝ කවරහ? මහණෙනි, පූර්‍වෙනිවාසය ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ය...
එකත්පස්ව හුන් මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, “මම යම් කිසිවෙක් පරගර්‍හා ... “උපකය, ඉදින් පරගර්‍හා කෙරේ නම්, පරගර්‍හා කරණුයේ උපපාදනා නො කෙරේ නම්, උපපාදනා නො කරණුයේ ගර්‍හණීය වේ නම්, උපවාද කටයුතු වේ නම්, උපකය, තෝ පරගර්‍හා කෙරෙහි. පරගර්‍හා කරමින් උපපාදනා නො කෙරෙහි. උපපාදනා නො කරන්නෙහි ගර්‍හණීය වෙහි. උපවාද කටයුත්තෙහි ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. වහන්ස, යම්සේ ඉල්පෙන්නා හා ම මහත් මළබැඳුමෙන් බඳනේ ද, වහන්ස, එපරිදි ම මම ...
එකත්පස්ව හුන් මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂ’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද? බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ ය යන මෙය නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත. භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද? බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙ ද නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත. භවත් ...
මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්‍රඥාගමන මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කලණය. “වහන්ස, කවරක්හු විසින් ලෝකය ගෙණ යනු ලැබේ ද? කවරක්හු විසින් ලෝකය අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ දැ” යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය. මහණ, සිත විසින් ලෝකය ගෙණයනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට යෙයි ... මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්‍රඥාගමනය මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කල්‍යාණය. “වහන්ස, බහුශ්‍රැතය ධර්‍මධරය, බහුශ්‍රැතය ධර්‍මධරය ...