අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.4.5.5. වප්ප සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

වප්පය, මෙසේ සම්‍යක් හෙතුයෙන් විමුක්තචිත්ත ඇති මහණහු විසින් ෂට් සතතවිහාර කෙනෙක් අධිගත වෙත්. හෙ චක්‍ෂුර්විඥානයෙන් රූපායතනයක් දැක සතුටු සිත් ඇතියේ නො මැ වෙයි. නොසතුටු සිත් ඇතියේ නො මැ වෙයි. ස්මෘති ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. ශ්‍රොතවිඥානයෙන් ශබ්දායතනයක් අසා … ඝ්‍රාණවිඥානයෙන් ගන්‍ධායතනයක් ඉවසා ... ජිහ්වාවිඥානයෙන් රසායතනයක් විඳ ... කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යායතනයක් පැහැසැ ... මනෝවිඥානයෙන් ධර්‍මයතනයක් දැනැ නො ම සතුටු වෙයි. නො ම අසතුටු වෙයි. සිහි ඇතියේ ...

4.4.5.4. සාපූගිය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

ව්‍යග්ඝපජ්ජයෙනි, සීලපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත් : ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්‍ෂා පදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධියයි කියනු ලැබේ. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ මෙ බඳු ශීලපාරිසුද්ධිය පුරන්නෙමි. පරිපූර්‍ණ වූ හෝ ශීලපාරිශුද්ධිය එ එ කරුණෙහි විදර්‍ශනාප්‍රඥායෙන් අනුගන්නෙමි යි එහිලා යම් ඡන්‍දයෙක් හා යම් ව්‍යායාමයෙක් හා යම් උත්සාහයෙක් හා යම් උත්සොලභියෙක් හා අප්‍රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්‍යක් ප්‍රඥායෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි ...

4.4.5.3. භද්දිය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

භද්දිය ය, තෙල එසේ ම ය. භද්දිය ය, තෙල එසේ ම ය. භද්දිය ය, හැමකැත්හු අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස ආවර්‍තතිත වෙත් නම් හැම කැත්නට දීර්ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. භද්දියය, හැම බමුණෝ ද ... වෛශ්‍යයෝ ද ... ශ්‍රද්‍රයෝ ද අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද, එ හැම ශුද්‍රයනට දීර්ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. භද්දිය ය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යාප්‍රජා තොමෝ ...

4.4.5.2. ඨාන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

මහණෙනි, එක්ව විසීමෙන් සීලය දතයුතුයි. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳකලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය. මහණෙනි, සංව්‍යයවහාරයෙන් (=සංලාපයෙන්) පිරිසිදු බව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය. මහණෙනි, විපත්හිදී ථාමය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ ...

4.4.5.1. සොතානුධත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් අවබොධ කරණ ලද්දාහු වෙත්. හේ මුෂිතස්මෘතිව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්‍මපදයෝ වටහත්. මහණෙනි, බුද්ධවචනානුස්මෘති සිහිය ඉපැද්ම ගුරු වෙයි. වැලි ඒ සත්ත්‍වයා වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ...