අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.4.5.10. පේම – දෝස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

මහණෙනි, යම් කලෙක මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි ...

4.4.5.9. තණ්හාජාලිනී සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනා කවරහ යත් : මහණෙනි, (ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාමාන දෘෂ්ටිවශයෙන් සමූහග්‍රාහය වේ නුයි) ‘මම’ යැ යි (වෙන් කොට) ගැණුම ඇති කල්හි (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි) “මෙබඳු ප්‍රකාර ඇත්තෙමි”යි වෙයි. (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි සම විසින් ගෙණ) ‘මෙසේ වෙමි’යි වෙයි. (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි අසම විසින් ගෙණ) ‘අන් ප්‍රකාර ඇතියෙමි’යි වෙයි. ‘නිත්‍යයෙමි’යි වෙයි. ‘අනිත්‍යයෙමි’යි වෙයි. (සංශයපරිවිර්‍කවශයෙන්) ‘වෙම් දෝ හෝ’ වෙයි. ‘මෙබඳු ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි ‘මෙසේ ...

4.4.5.8. තාප සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

හේ මෙසේ පැවිදි වූයේ ම භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ පණිවා හැර පණිවායෙන් වැළැකියේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇතියේ දයාපත් වූයේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි. අයිනාදන් හැර අයිනාදනින් වැළකියේ දුන් දෑ ගන්නා සුලුයේ දුන් දෑ කැමැති වනුයේ වෙයි. නො සොර වූ පිවිතුරු සිතින් වෙසෙයි. අබ්‍රම්සර හැරපියා බ්‍රහ්මචාරී වූයේ, දුරුව වෙසෙනුයේ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළැක්කේ වෙයි. මුසාව හැර මුසවායෙන් වැළැකියේ සත්‍යවාදී වූයේ සත්‍යසන්‍ධාන ඇතියේ ස්ථිරකථා ...

4.4.5.7. මල්ලිකා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපායාස බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි මඳකුදු කියන ලද්දී ම ගැටෙයි කිපෙයි. ප්‍රකෘතිය හරණේ යි. තද වෙයි. කෝපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඕ මහණකුට බමුණකුට වේවයි අහර පැන් වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවාස ප්‍රදීපොපකරණ නො දෙන්නී වෙයි. ඊර්ෂ්‍යායෙන් යුත් සිත් ඇත්තී වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගුරුකාර මානන වන්‍දන පූජායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම් ඕ යම් ම තැනෙක උපදී නම් ...

4.4.5.6. සාළ්හ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (20) 5. මහා වර්ගය

සාළ්හයෙනි, යම් පරිදි නදී තරණට රිසි පුරිස් තිහිණි පොරෝ ගෙණ වනයට වදනේ වේ ද, හේ ඒ වෙනෙහි මහත් වූ ඍජු වූ තරුණ වූ නො දැනවිය යුතු කුකුස් ඇති (නිසැක) සල්රුකක් දක්නේ ය. තෙල රුක මුල්හි සිඳුනේ ය. මුල්හි සිඳ අග්හි සිඳුනේ ය. අග්හි සිඳ අතුපතර සුවිසොධිතසෙ පිරිසිදු කරණේ ය. අතුපතර සුවිසොධිත සෙ පිරිසිදු කොට පොරොවෙන් සස්නේ ය. පොරොවෙන් සැස වැහැයෙන් සස්නේ ය. වෑයෙන් සැස නියනක් ගෙණ ඇතුළත සුවිසෝධිත කොට පිරිසිදු කරණේ ය. ඇතුළත සුවිසොධිත සේ පිරිසිදු කොට නියනෙන් ලියනේ ය ...