මහණෙනි, අසත්පුරුෂ කවරේය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුනුබස් ඇතියේ වෙයි. පරොස්බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයයි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ද පණිවා කරන්නේ වෙයි. මෙරමා ද පණිවායෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදන් ගන්නේ වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. තෙමේ ද ...
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැදැහැ නැත්තේ ය. ලජ්ජා නැත්තේ ය. පවට බිය නැත්තේ ය. අල්පශ්‍රැත ය. කුසීත ය. මුළා වූ සිහි ඇතියේ ය. දුෂ්ප්‍රාඥ ය. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සැදැහැ නැත්තේ ය. මෙරමා ද සැදැහැ නැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද පවට ලජ්ජා නැත්තේ ය. මෙරමා ද ලජ්ජානැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද පවට බිය නැත්තේ ය. මෙරමා ද පවට ...
මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව, මනා කොට මෙනෙහි කරව, කියමි යි වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළහ: මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා කියන්නේ වෙයි. මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි සිටුනාසුලු ...
තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙන්නාහු (ඒ දෘෂ්ටිය) දෘඪග්‍රහයෙන් ගෙන (ඇපි එහි) දක්ෂයම්හ’යි වෙන වෙන ම කියති. (යමෙක්) මෙසේ දනී නම්, හෙතෙම දහම් දැනගත්තේ ය, මෙය ගරහන්නා වූ (යමෙක් වේ නම් හෙතෙම) ලාමක වන්නේ යයි ද (කියත්.) සකං සකං දිටඨි පරිබ්බසාතා - දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට පිවිසැගෙන තමතමා ගේ දෘෂ්ටියෙහි වෙසෙති මොනොවට වෙසෙ ...
කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්නාහු ද? පරිදෙව ශොකයෝ ද මාත්සර්‍ය්‍යයෝ ද මාන - අතිමානයෝ ද පිසුනු වචනයෝ ද යන ඒ (අටවැදෑරුම්) ක්ලෙශධර්‍මයෝ කොතැනින් උපන්නාහු ද ඒ අර්තථය වදාළ මැනවි. කුතො පහූතා කලහා විවාදා - ‘කලහ’ නම්: එක් අයුරෙකින් කලහයැ. ‘විවාද’ නමුදු එය මැ යි, යමෙක් කලහය නම්, හේ විවාද යැ, යමෙක් විවාදය නම් හේ කලහ යයි, නොහොත් අන් අයුරෙකින් විවාදය කියනු ලැබෙයි: කලහයාගේ පූර්‍වභාගය විවාද යයි; රජහු ද රජුන් සමග විවාද ...