අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.5.1.8. දෙවන පාප – කල්‍යාණ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (21) 1. සප්‌පුරිස වර්ගය

මහණෙනි, පාප කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු වේ ... මිථ්‍යාඥාන ඇතියේ වේ. මිථ්‍යාවිමුක්ති ඇතියේ වේ. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ. මහණෙනි, පාපයාට වැඩිසිටි පාපතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් ...

4.5.1.7. පළමුවන පාප – කල්‍යාණ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (21) 1. සප්‌පුරිස වර්ගය

මහණෙනි, පාප නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා ඇත්තේ වෙයි ... මිසදිටුහ ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ. මහණෙනි, පාපයා කෙරෙන් වැඩි සිටි පාපතර නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි ... තෙමේත් මිසදිටු ඇත්තේ වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතර යි කියනු ලැබේ. මහණෙනි, කල්‍යාණ (භද්‍ර) කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් ...

4.5.1.6. සවන සප්පුරිස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (21) 1. සප්‌පුරිස වර්ගය

මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි … මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ ...

4.5.1.5. පස්වන සප්පුරිස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (21) 1. සප්‌පුරිස වර්ගය

මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු ඇතියේ වෙයි. මිථ්‍යාසඬ්කල්ප ඇතියේ වෙයි. මිථ්‍යාවාක් ඇතියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇතියේ වෙයි. මිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිත්‍යාව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාසඬ්කල්ප ...

4.5.1.4. සිව්වන සප්පුරිස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (21) 1. සප්‌පුරිස වර්ගය

මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටු ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේත් ව්‍යාපාද ඇත්තේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් ...