මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්: කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, අකෘතඥතා - අකෘතවෙදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බහා තැබුනේ ය. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද එපරිදි ස්වර්‍ගයෙහි වේ. කවර සතර කරුණෙන යත්: කායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, ...
මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි නිඃක්ෂිප්ත වෙයි. කවර සතරෙකින යත්: කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, මිථ්‍යා දෘෂ්ටියෙන. මහණෙනි, මේ දහම් සතරින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි. මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙකින යත්: කායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ ...
මහණෙනි, මේ පරිසදූසනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ මහණ පිරිස් කෙලෙසන්නේ වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ මෙහෙණ පිරිස් කෙලෙසන්නී වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ උවසු පිරිස් කෙලෙසන්නේ වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ උවැසි පිරිස් කෙලෙසන්නී වෙයි. මහණෙනි, මේ සතර පරිසදූසනයෝ යි. මහණෙනි, මේ පරිසසෝභනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනක යත්: මහණෙනි, සිල්වත් කලණදහම් ඇති මහණ පිරිස් හොබවන්නේ වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති ...
මහණෙනි, පාපධර්‍ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි ... මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ. මහණෙනි, පාපධර්‍මයාට වැඩි සිටි පාපධර්‍මතරයා කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ ...
මහණෙනි, පාපධර්‍ම නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ. මහණෙනි, පාපධර්‍මයා කෙරෙන් වැඩිසිටි පාපධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්‍මයාට වඩා පාපධර්‍මතරය යි කියනු ලැබේ. මහණෙනි, කල්‍යාණධර්‍ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් ...