අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.5.2.8. සත්වන නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (22) 2. පරිසසෝභන වර්ගය

[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] දෘෂ්ටායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි අශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි අමුතවාද ඇත්තේ වෙයි. විඥාතආයතනයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.] [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] දෘෂ්ටායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. විඥාතධර්‍මයෙහි වඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ...

4.5.2.7. සවන නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (22) 2. පරිසසෝභන වර්ගය

[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] නොදුටු රූපායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. අවිඥාතධර්‍මයෙහි විඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.] [ මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] නොදුටු රූපායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි අශ්‍රැතවාද ඇතියේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි අමුතවාද ඇතියේ වෙයි. අවිඥාතධර්‍මයෙහි අවිඥාතවාද ...

4.5.2.6. පස්වන නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (22) 2. පරිසසෝභන වර්ගය

[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] මිථ්‍යාජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.] [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]

4.5.2.5. සිවුවන නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (22) 2. පරිසසෝභන වර්ගය

[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] මිසදිටු ඇතියේ වෙයි. මිථ්‍යසඬ්කල්ප ඇතියේ වෙයි. මිථ්‍යාවචන ඇතියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.] [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්‍යක්සඬ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇත්තේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]

4.5.2.4. තෙවන නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (22) 2. පරිසසෝභන වර්ගය

[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි ... [ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.] [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...] පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]