අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.5.3.3. දෙවන බාල – පණ්ඩිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා දමන ලද, ගුණ විසින් නට ආත්මයක් පරිහරකය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. කවර සතරෙකින යත්: කායදුශ්චරිතයෙන, වාක්දුශ්චරිතයෙන, මනොදුශ්චරිතයෙන, අකෘතඥතා-අකෘතවෙදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...] කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, ...

4.5.3.2. ප්‍රථම බාල – පණ්ඩිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

22. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ අඥ වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ (සාරා ලූ) ගුණ විසින් නට, ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි. කවර සතර කරුණින යත්: කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනොදුශ්චරිතයෙන, මිථ්‍යාදෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ, ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි සාවද්‍ය ද වෙයි. නුවණැතියන් ...

4.5.3.1. වචීසුචරිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

21. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මුසවා ය, පිසුනුබස් ය, පරොස්බස් ය, පලප් යි. මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි. මහණෙනි, මේ වාක්සුචරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: සබවස ය, නො පිසුනුබස ය, මොළොක්බස ය, පමණ දැන බණන බස් යී. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි.

4.5.2.10. නවවැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (22) 2. පරිසසෝභන වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ. කවර සතර කරුණින යත්: සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. කුසීත වෙයි. අප්‍රාඥ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ. කවර සතර කරුණකින යත්: සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. ඇරඹූ වැර ඇතියේ වෙයි. පැණ ඇතියේ වෙයි ...

4.5.2.9. අටවැනි නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (22) 2. පරිසසෝභන වර්ගය

[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ …] සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වෙයි.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ … ] සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්ලක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ.]