අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.5.3.8. සත්වන බාල – පණ්ඩිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... අසත්පුරුෂ තෙමේ ...] දෘෂ්ටාලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි අමුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි අවිඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...] දෘෂ්ටාලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි මුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4.5.3.7. සවන බාල – පණ්ඩිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... අසත්පුරුෂ තෙමේ ...] අදෘෂ්ට ආලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි මුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.] [මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...] අදෘෂ්ට ආලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි අමුතවාදී වෙයි. අවිඥත ආලම්බනයෙහි අවිඥතවාදී වෙයි. [මේ සතර කරුණින් ...

4.5.3.6. පස්වන බාල – පණ්ඩිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... අසත්පුරුෂ තෙමේ ...] මිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...] සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග් ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක් ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක් සමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4.5.3.5. සිවුවන බාල – පණ්ඩිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... අසත්පුරුෂ තෙමේ ...] මිසදිටු ඇත්තේ වෙයි. මිථ්‍යසඬ්කල්ප ඇත්තේ වෙයි. මිථ්‍යාවචන ඇත්තේ වෙයි. මිථ්‍යා කර්මාන්ත ඇත්තේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...] සම්‍යග් දෘෂ්ටික වෙයි. සම්‍යක් සඬ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග් වචන ඇතියේ වෙයි. සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4.5.3.4. තෙවන බාල – පණ්ඩිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... අසත්පුරුෂ තෙමේ...] පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි.කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...] පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරු වූයේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]