මහණෙනි, මේ කර්‍මයෝ සතර කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලද්දාහු ය. කවර සතර කර්‍මයහ යත්: මහණෙනි, අනිෂ්ටවිපාක ඇති අකුශලකර්‍මයෙක් ඇත. මහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මයෙක් ඇත. මහණෙනි, අනිෂ්ට වූ ද ඉෂ්ට වූ ද විපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, අකෘෂ්ණ-අශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, අනිෂ්ට විපාක ඇති අකුශලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් සදොස් වූ (කායද්වාරිකචෙතනා ...
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලද්දාහු ය. කවර සතර කර්‍මයහ යත්: මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ (අකුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල (කුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති (මිශ්‍රක වන) කෘෂ්ණ-ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ද නො වූ ශුක්ල ද නො වූ විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ල (චතුර්මාර්‍ගඥාන) කර්‍මයෙක් ඇත. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ...
මහණෙනි, මේ කවීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: චින්තාකවිය, ශ්‍රැතකවිය, අර්‍තථකවිය, ප්‍රතිභානකවි යි. මහණෙනි, මේ සතර කවීහු වෙති.
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... අසත්පුරුෂ තෙමේ ...] ශ්‍රද්ධා නැතියේ වෙයි. දුශ්ශීල වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...] ශ්‍රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. රුකළ වැර ඇතියේ වෙයි. ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වු පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද, ගුණ විසින් නො නට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද ...
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... අසත්පුරුෂ තෙමේ ...] ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. ] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත ... සත්පුරුෂ තෙමේ ...] ශ්‍රද්ධා ඇතියේ වෙයි. ශීල ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]