අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.5.4.7. සත්වන කර්ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්: මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ...

4.5.4.6. සවන කර්ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට වදාරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්: මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි ...

4.5.4.5. පස්වන කර්ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්: මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතමකු විසින් මව දිවියෙන් තොරකරණ ලදු වෙයි. ...

4.5.4.4. සිවුවන කර්ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්: මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්‍ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය කවරේය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. ...

4.5.4.3. තෙවන කර්ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

එකත්පස් ව හුන් සිළුමුගලන් බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, පුරිම වූත් පුරිමතර වූත් දිනයෙහි සොණකායන නම් මාණවක මා කරා එළඹියේ ය. එළඹ මට තෙල කී ය: මහණ ගොයුම් සියලු කර්‍මයන්ගේ අක්‍රියාව පණවයි. සියලු කර්‍මයන්ගේ අක්‍රියාව පණවන්නේ ලොවට උච්ඡෙදයක් කියයි. භවත්නි, මේ ලොකය කර්‍මය සැහැවි කොට ඇත. කර්‍මසමාරම්භයෙන් (කර්‍ම රැස් කිරීමෙන්) සිටුනාසුලු ය. (කර්‍ම නොකරණුයේ උච්ඡෙදයට යෙයි යූසේය.) [භාග්‍යවත්හු:] බමුණ, මම සොණකායන නම් මාණවකයාගේ ...