අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.5.5.1. පාපභික්ඛු සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (25) 5. ආපත්‌තිභය වර්ගය

ආනන්දය, මේ සතර කරුණක් දක්මින් පවිටු මහණ සඞ්ඝභෙදයෙන් සතුටු වෙයි. කවර සතර කරුණෙක යත්: ආනන්දය, මෙසස්නෙහි පවිටු මහණ දුසිල් වූයේ, ලමුදහම් ඇතියේ, කෙලෙසුන් විසින් අපවිත්‍ර වූයේ, සැකයෙන් සිහිකළ යුතු හැසිරීම් ඇතියේ, පිළිසන් කර්‍මාන්ත ඇතියේ, අශ්‍රමණ වූයේත්, ‘ශ්‍රමණයෙමි යි’ ප්‍රතිඥා කරණුයේ, අබ්‍රහ්මචාරී වූයේත්, ‘බ්‍රහ්මචාරීමි’ යි ප්‍රතිඥා කරණුයේ, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයේ, කෙලෙසුන් විසින් තෙ‍ත් වූයේ, හටගත් කෙලෙස්කසළ ඇතියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු සිල් නැත්තෙක, ...

4.5.4.11. සප්‌පුරිසානිසංස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

මහණෙනි, සත්පුරුෂයා නිසා අනුසස් සතරෙක් කැමැතිවිය යුතුයි. කවර සතරෙක යත්: ආර්‍ය්‍යශීලයෙන් වැඩෙයි. ආර්‍ය්‍යසමාධියෙන් වැඩෙයි. ආර්‍ය්‍යප්‍රඥායෙන් වැඩෙයි. ආර්‍ය්‍යවිමුක්තියෙන් වැඩෙයි. මහණෙනි, සත්පුරුෂයා නිසා මේ සතර අනුසස් කැමැතිවිය යුතුයි.

4.5.4.10. සමණ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

මහණෙනි, ප්‍රථම (ස්‍රොතාපන්න) මහණ ද මෙසස්නෙහිම ය. දෙවන (සකෘදාගාමී) මහණ ද මෙසස්නෙහිම ය. තෙවන (අනාගාමී) මහණ ද මෙසස්නෙහි ම ය. සිවුවන (අර්‍හත්) මහණ ද මෙසස්නෙහි ම ය. අන්‍ය වූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් තොරයහ යි. මහණෙනි, මෙසේ මොනොවට සිංහනාද කරව. මහණෙනි, ප්‍රථම (ස්‍රොතාපන්න) ශ්‍රමණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයොජනයන්ගේ ක්‍ෂය කිරීමෙන් අවිනිපාතස්වභාව ඇති නියත වූ සම්බොධිපරායණ වූ ස්‍රොතාපන්නයෙක් වේ. මහණෙනි, මේ (ප්‍රථම) ශ්‍රමණ යි. මහණෙනි, ...

4.5.4.9. සඛ්‍යාපජ්‌ඣ – අබ්‍යාපජ්‌ඣ කර්ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්: සදොස් වූ කායකර්‍මයෙන, සදොස් වූ වාක්කර්‍මයෙන, සදොස් වූ මනඃකර්‍මයෙන, සදොස් වූ දෘෂ්ටියෙනැ යි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද, එසෙයින් නිරයෙහි වේ. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ. කවර සතරෙකින යත්: නිදොස් වූ කායකර්‍මයෙන, නිදොස් වූ වාක්කර්‍මයෙන, නිදොස් වූ ...

4.5.4.8. සාවජ්‌ජ – අනවජ්ජ කර්ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (24) 4. කර්ම වර්ගය

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්: සාවද්‍යකායකර්‍මයෙන, සාවද්‍යවාක්කර්‍මයෙන, සාවද්‍යමඃකර්‍මයෙන, සාවද්‍ය දෘෂ්ටියෙනැ යි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ. කවර සතරෙකින යත්: අනවද්‍ය කායකර්‍මයෙන, අනවද්‍ය වාක්කර්‍මයෙන, අනවද්‍ය මනඃකර්‍මයෙන, ...