මහණෙනි, මේ සතර දහම් කෙනෙක් ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්. කවර සතර දහම් කෙනෙක යත්: සත්පුරුෂයන් සෙවුනාබව ය, සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍මප්‍රතිපත් ය. මහණෙනි, මේ සතර දහම්හු ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්.
මහණෙනි, මේ ථූපාරහ පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ථුපාරහයහ. ප්‍රත්‍යෙක සම්බුද්ධයන් වහන්සේ ථූපාරහයහ. තථාගතශ්‍රාවකයන් වහන්සේ ථූපාරහයහ. සක්විති රජ ථුපාරහ යි. මහණෙනි, මේ සතර දෙනා ථුපාරහයයෝ (=සෑ බැඳ පුදන්නට නිස්සෝ) යි.
මහණෙනි, මේ ශය්‍යාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ප්‍රෙතශය්‍යා ය, කාමභොගීශ්‍යයා, සිංහශය්‍යා ය, තථාගතශය්‍යා යි. මහණෙනි, ප්‍රෙතශය්‍යා කවර? මහණෙනි, මළාහු උඩුහුරුව හොවිත්. මහණෙනි, මේ ප්‍රෙතශය්‍යා යි කියනු ලැබේ. මහණෙනි, කාමභොගීශය්‍යා නම් කවර? මහණෙනි, බෙහෙවින් කාමභොගීහු වම්පසින් හොවිත්. මහණෙනි, මේ කාමභොගීශය්‍යා යි කියනු ලැබේ. මහණෙනි, සිංහශය්‍යා නම් කවර? මහණෙනි, මෘගරාජන් වූ සිංහ පාපිට පය මඳක් ඇද තබා දෙකළවේ අතර නගුට බහා තබා දකුණු ඇළයෙන් ශය්‍යා ...
මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උතුම් කොට ඇති, විමුක්ති හර කොට ඇති, ස්‍මෘති ආධිපත්‍යය කොට ඇති, මෙ බඹසර වසනු ලැබේ. මහණෙනි, මේ බඹසර කෙසේ ශික්‍ෂා අනුසස් කොට ඇත්තේය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ භූයොභාවය පිණිස ආභිසමාචාරික (උතුම්වත් පිළිබඳ) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස ප්‍රසන්නයන්ගේ භූයොභාවය පිණිස සව්වනට ආභිසමාචාරික ශික්‍ෂා පණවන ලද ද, ඒ ඒ සැටියෙන් හේ ...
මහණෙනි, මේ ආපත්‍තිභය සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, යම් පරිදි අපරාධ කරණ සොරහු ගෙණ රජුට දක්වත් ද, “දෙවයෙනි, තොපට මේ සොරා අපරාධකාරීය. මොහුට දෙවයෝ දඬුවම් එළවත්වා” කියා යි. රජ තුලුන් ගෙණ මෙසේ කිය යි: ‘භවත්නි, යව මේ මිනිසා දළරැහැණින් දොහොත් පිටත් කොට දැඩිසේ බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථීයෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට හැද ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණු දික්හි හිස සිඳුව” කියා යි. රජුගේ පුරුෂයෝ ඒ සොරහු දළරැහැණින් ...