මහණෙනි, නන්වැදෑරුම් තිරිසන් කථා නො කියවු. එනම් “රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍රයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බිය පිළිබඳ කථා, යුද පිළිබඳ කථා, අහර පිළිබඳ කථා, පානවර්ග පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, සෙනසුන් පිළිබඳ කථා, මල්දම් පිළිබඳ කථා, ගඳ පිළිබඳ කථා, නෑයන් පිළිබඳ කථා, වාහන පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම්ගම් පිළිබඳ කථා, නගර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, පුරුෂයන් පිළිබඳ කථා, සූරයන් පිළිබඳ කථා, වීථි පිළිබඳ කථා, දියතොට පිළිබඳ කථා, ...
මහණෙනි, “තෙපි මේ සස්න නො දනිවු, මම මේ සස්න දනිමි. කිම තෙපි මේ සස්න දනිවු ද, තෙපි වරදවා පිළිපන්නහු වවු. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු කිය යුත්ත පසු ව කීහු, පසු ව කිව යුත්ත පළමු කීහු. මාගේ වචනය කරුණු සහිත ය. තොපගේ වචනය කරුණු රහිත ය. තොප විසින් දිගුකලක් මුළුල්ලෙහි පුරුදු කරන ලද්ද පෙරළී සිටියේ ය. තොපට දොස් නගන ලද. දොසින් මිදීම පිණිස හැසිරෙවු. නිගා කරන ලදහු යැ, ඉදින් සමත් වවු නම් නිදහස් වවු” යී විරුදධවාදී කථා නො කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ ...
මහණෙනි, “ලොකය ශාශ්වතයැ” යි හෝ “ලොකය අශාශ්වතයැ”යි හෝ “ලොකය අන්තවතයැ” යි හෝ “ලොකය අන්නතවතයැ” යි හෝ “එය ජීවය එය ශරීරය”යි හෝ “ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ”යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ” යී හෝ “සත්ත්‍වයා මරණින් මතු නො වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි ලාමක අකුසල් සිතක් නො සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත නො වේ, මඟබඹසරට මුල් නො වේ, නිර්වෙදය පිණිස නො ...
මහණෙනි, ලාමක වූ අකුශල විතර්කයන් නහමක් විතර්කණය කරවු. එනම් : කාමවිතර්ක ය, ව්‍යාපාදවිතර්ක ය, විහිංසා විතර්ක යි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්කයෝ වැඩ සහිත නො වෙත්. මගබඹසරට මුල් වූවෝ නො වෙත්. නිර්වෙදය පිණිස නො පවතිත්. විරාගය පිණිස නො පවතිත්. නිරොධය පිණිස නො පවතිත්. ව්‍යුපශමය පිණිස නො පවතිත්. අභින්‍දනය පිණිස නො පවතිත්. සම්බෝධිය පිණිස නො පවතිත්. නිර්වාණය පිණිස නො පවතිත්. මහණෙනි, තෙපි විතර්කණය කරන්නාහු නම් “මේ දුක්ඛ”යි විතර්කණය කරවු. ... “මේ ...
මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ (මම්) අවබොධ කෙළෙමැ යි (තමන්) පැවසූහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය අවබොධ කෙළෙමැ යි පැවසූහ. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබොධ කෙළෙමැ යි පවසන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබොධ කෙළෙමැ යි පවසන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතු සේ අවබොධ කෙළෙමැ යි තමන් පවසත් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ ...