වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි” යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ” යි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම ...
මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍යය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය ය” යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: අධ්‍යාත්මික ෂඩායතනයෝ යයි එයට කියයුතු. කවර ෂඩායතනයෝ යැ යත්: “චක්ඛායතන සොතායතන ඝානායතන ජිව්හායතන කායායතන මනායතන” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇලුම් ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම් : “කාමතෘෂ්ණා ...
මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: පස් උපාදානස්කන්‍ධයෝ ය යි එයට කියයුතු. කවර පසෙක යත්: එනම් “රූපොපාදානස්කන්‍ධ ය, වෙදනොපාදානස්කන්‍ධ ය, සංඥොපාදානස්කන්‍ධ ය, සංස්කාරොපාදානස්කන්‍ධ ය, විඥානොපාදානස්කන්‍ධ ය” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්භවය ඇති කරන ...
මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දත යුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එලිය පහළ විය. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ...
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක. මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නූවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබොධ කරන ලද්දේ කෙලෙස් ...