අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

12.2.10. තථ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 2. ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය

මහණෙනි, මේ සතරෙක් සත්‍ය ය. නො වෙනස් වන සුලු ය, අන්පරිදි නොවන සුලු ය. කවර සතරෙක යත්: මහණෙනි, “මේ දුකැ” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය, “මේ දුක්හෙතු” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, “මේ දුක් නැවැත්මැ”යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, මහණෙනි, මේ සතර සත්‍ය ය. ...

12.2.9. සඞ්‌කාසන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 2. ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය

මහණෙනි, “මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදි. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි. මහණෙනි, “මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි” මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, “මේ ...

12.2.8. විජ්‌ජා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 2. ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය

එකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, විද්‍යා විද්‍යා”යී කියනු ලැබේ. වහන්ස, විද්‍යා නම් කවර යැ? කෙතෙකින් විද්‍යාගතත් වේ දැයි? මහණ, යම් දුකෙහි දැනීමෙක්, දුක් හටගැන්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි දැනීමෙක්, වේ ද, මහණ, මේ ‘විද්‍යා’ යි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාගතත් වෙයි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” ...

12.2.7. අවිජ්‌ජා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 2. ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, අවිද්‍යා අවිද්‍යා” යි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යා නම් කවර යැ? කෙතෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි. මහණ, යම් දුකෙහි නො දැන්මෙක් දුක් හටගැන්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි නො දැන්මෙක් වේ ද, මහණ, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙතෙකින් අවිද්‍යාගතත් වේ. මහණ, ...

12.2.6. දුතිය ධාරණ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 2. ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය

මහණෙනි, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ”යි දරමි යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ”යි. වහන්ස, “මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි. වහන්ස, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දෙශනා කරන ලද මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමු නො වේ. මම මේ පළමුවන ...