මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබොධ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබොධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබොධ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබොධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබොධ කෙරෙද් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබොධ කෙරෙත්. කවර චතුරාර්‍ය්‍යසත්‍ය කෙනෙක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ...
මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබොධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබොධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබොධ කරන්නාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබොධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබොධ කෙරෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබොධ කෙරෙත්. කවර ...
මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබොධ කරනු පිණිස ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබොධ කරනු පිණිස ය. මහණෙනි, දැන් යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබොධ කරනු පිණිස ය. කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය ය ...
මහණෙනි, විවෙකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවෙකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනී. ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී. මහණෙනි, විවෙකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවෙකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. මහණෙනි, එහෙයින් එහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍යය කටයුතු යි.
මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනියි. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනියි. “මේ දුක්හටගැනුමැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනියි. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි (දැන) වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් හටගැනුමැ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් වැළැක්මැ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍යය...