ආනන්ද, ඒ කිමැ යි හඟිවු ද? යමෙක් සියුම් කෙසිසිදුරෙන් පගලිය නො වළහා පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නේ ද, යමෙකුත් සියක්වර පැළුෑ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ ද, මෙයින් කිමෙක් ඉතා දුෂ්කර හෝ ඉතා දුලබ හෝ දැ යි? වහන්ස, යමෙක් සියක්වර පැළුෑ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ නම් මෙය ම ඉතා දුෂ්කර ද ඉතා දුලබ ද වේ යි. ආනන්ද, වැලි යම් කෙනෙක් “මේ දුකැ” යි තතුසේ පිළිවිදිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ පිළිවිදිත්. ආනන්ද, එහෙයින් මෙහි ලා ...
මහණෙනි, යමෙක් “මම දුඃඛාර්යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරොධාර්යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදාර්යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටභාගය නො කොට මතුභාගය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද ...
මහණෙනි, මහාපරිළාහ නම් නිරයෙක් ඇත. එහි යම් කිසි රුවක් ඇසින් දකී නම් අනිටු රුවක් ම දකී. ඉටු රුවක් නො දකී. නො කැමති රුවක් ම දකී. කැමති රුවක් නො දකී. නො මනා රුවක් ම දකී. මනාරුවක් නො දකී. කණින් යම් කිසි සදක් අසා නම් ... නැහැයෙන් ගඳක් ගනී නම් ... දිවින් රසක් විඳී නම් ... කයින් පහසක් පුසී නම් ... සිතින් යම් කිසි දහමක් දනී නම් අනිටු රුවක් ම දනී. ඉටු රුවක් නො දනී. නො කැමති රුවක් ම දනී. කැමති රුවක් නො දනී. නො මනාරුවක් ම දනී. මනාරුවක් නො දනීයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් ...
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද, “මේ දුක් හට ගැනුමැ”යි තතු සේ නො දනිද්ද, “මේ දුක් වැළක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. සොක පරිදෙව දුකඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු මරණය පිණිස ...
මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහගහනුවරින් නික්ම ලෝ සිතිවිලි සිතන්නෙමි” යි සුමාගවා නම් පොකුණ වෙත එළඹීයේ ය. එළඹ ලෝසිතිවිලි සිතමින් සුමාගවා පොකුණු තෙර හුන්නේ ය. මහණෙනි, ඒ පුරිස් තෙමේ සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනඟක් දුටුයේ ය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: “ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි, මම නම් පහවූ සිතිවිලි ඇත්තෙක්මි” යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ රජගහනුවරට පිවිස: හිමියනි, ලොව යමක් නැත් නම් එය ...